බුද්ධදත්ත පාලි අකාරාදිය – 629

විනන්ධිත්වා

පූ.ක්‍රි. ඔතා බැඳ.

විනය

පු. ඒ ශික්ෂාවන් ඇතුළත් දහම් කොටස; භික්ෂූන්ට අයත් ශික්ෂා කොටස; යටපත් කිරීම; විනාශ කිරීම; හික්මීම.

විනයති

(වි+නී+අ) හික්මවයි.

විනයධර

3. විනය ශික්ෂා ඉගෙන සිටින්නා.

විනයන

න. ඉගැන්වීම; යටපත් කිරීම; හික්මවීම.

විනයපිටක

3. භික්ෂූන්ගේ ශික්ෂා පිළිබඳ ධර්ම කොටස.

විනස්සති

(වි+නස+ය) වැනසේ; විනාශ වේ.

විනස්සන

න. විනාශ වීම.

විනස්සන්ත

3. විනාශ වෙන; විනාශ වෙමින්.

විනස්සමාන

3. විනාශ වෙන; විනාශ වෙමින්.

විනස්සිත්වා

පූ.ක්‍රි. විනාශ වී.

විනස්සිතුං

නි. විනාශ වෙන්ට.

විනළීකත

3. විනාශ කළ.

වින්දක

3. ලබන්නා; විඳින්නා.

වින්දති

(විද+ංඅ) අවබෝධ කරයි; විඳියි.

වින්දන

න. ලැබීම; විඳීම.

වින්දන්ත

3. ලබමින්; විඳින; විඳිමින්.

වින්දමාන

3. ලබමින්; විඳින; විඳිමින්.

වින්දිත

3. විඳින ලද.

වින්දිතබ්බ

3. විඳිය යුතු.

වින්දිත්වා

පූ.ක්‍රි. අනුභව කොට; ලබා; විඳ.

වින්දිතුං

නි. විඳින්ට.

වින්දිය

3. වින්ද යුතු.

වින්දියමාන

3. විඳිනු ලබන.