බුද්ධදත්ත පාලි අකාරාදිය – 630

විනා

නි. නැතිව; වෙන්ව.

විනාති

(වි+නා) වියයි.

විනාභාව

පු. වෙන් වීම.

විනාම

පු. අත්පා හැකිළීම; නැමීම.

විනාමන

න. අත්පා හැකිළීම; නැමීම.

විනාමෙති

(වි+නමු+ණෙ) නමයි; හකුළයි.

විනායක

පු. බුදුරද; ශ්‍රෙෂ්ඨ නායකයා.

විනාස

පු. වැනසී යාම; විනාශය.

විනාසක

3. විනාශ කරන.

විනාසන

න. නැති කිරීම; විනාශ කිරීම.

විනාසයමාන

3. විනාශ කරන; විනාශ කරමින්.

විනාසිත

3. විනාශ කළ.

විනාසිය

පූ.ක්‍රි. විනාශ කොට.

විනාසෙත්වා

පූ.ක්‍රි. විනාශ කොට.

විනාසෙති

(වි+නස+ණෙ) විනාශ කරයි.

විනාසෙතුං

නි. විනාශ කරන්ට.

විනාසෙන්ත

3. විනාශ කරන; විනාශ කරමින්.

විනිග්ගත

3. නික්මුණු; පිට වී ආ.

විනිච්ඡය

පු. තීන්දුව; තීරණය; නිශ්චය; විසඳීම.

විනිච්ඡයකථා

ඉ. තීරණය දෙන කථාව.

විනිච්ඡයට්ඨාන

න. උසාවිය; නඩු විසඳන තැන.

විනිච්ඡයසාලා

ඉ. උසාවිය; නඩු විසඳන ශාලාව.

විනිච්ඡිත

3. විනිශ්චය කළ; විසඳූ.

විනිච්ඡිනන

න. විනිශ්චය කිරීම; විසඳීම.