බුද්ධදත්ත පාලි අකාරාදිය – 631
විනිච්ඡිනන්ත
3. විනිශ්චය කරන; විනිශ්චය කරමින්.
විනිච්ඡිනාති
(වි+නි+ඡි+නා) තීරණය කෙරේ; විනිශ්චය කෙරේ; විසඳයි.
විනිදිත
3. ලැබූ.
විනිධාය
පූ.ක්‍රි. වැරදිසේ තබා.
විනිපාත
පු. දුක් ඇති තැන; නපුරු වැටීම; විපත.
විනිපාතික
3. දුගතියෙහි උපදින; නපුරු වැටීම් ඇති.
විනිපාතෙති
(වි+නි+පත+ණෙ) අයෝග්‍ය සේ යොදයි; විනාශ කරයි.
විනිබද්ධ
3. එකට බැඳුනු; සම්බන්ධ වූ.
විනිබන්ධ
පු. ඇලීම; බැඳීම; බැම්ම.
විනිබ්භුජති
(වි+නි+භුජ+අ) කොටස් කරයි; වෙන් කරයි.
විනිබ්භුජන
න. කොටස් බෙදීම; වෙන් කිරීම.
විනිබ්භොග
3. වෙන් කළ හැකි; පු. බෙදා වෙන් කිරීම.
විනිමය
පු. ගනු දෙනුව; බඩු හුවමාරුව.
විනිම්මුත්ත
3. නික්මී ගිය; නිදහස් වූ; හැර දැමූ.
විනිමොචෙති
(වි+නි+මුව+ණෙ) නිදහස් කරයි.
විනිවට්ටෙත්වා
පූ.ක්‍රි. ඉවතට පෙරළා දමා.
විනිවට්ටෙති
(වි+නි+වතු+ණෙ) ඉවතට පෙරළයි; පෙරළා දමයි.
විනිවත්තෙති
(වි+නි+වතු+ණෙ) ඉවතට පෙරළයි; පෙරළා දමයි.
විනිවිජ්ඣ
පූ.ක්‍රි. පසා කොට; විනිවිද; විස්තර දැන.
3. පසා කළ හැකි.
විනිවිජ්ඣති
(වි+නි+විධ+ය) පසා කරයි; විනිවිද යයි; හිල් කරයි.
විනිවිජ්ඣන
න. පසා කිරීම; විනිවිද යාම.
විනිවිද්ධ
3. පසා කළ; විනිවිද ගිය.
විනිවෙඨන
න. පැහැදිලි කිරීම; ලිහීම; වෙළුම් හැරීම.
විනිවෙඨෙති
(වි+නි+වෙඨ+ණෙ) පැහැදිලි කරයි; වෙළුම් බැඳුම් ඉවත් කරයි.