බුද්ධදත්ත පාලි අකාරාදිය – 640
වියූළ්හ
3. රැස් වූ.
වියෙති
(වා+ණෙ) වියවයි.
වියොග
පු. වෙන් වීම.
විරචයති
(වි+රච+ය) රචනා කරයි.
විරචිත
3. ගැළපූ; රචනා කළ.
විරජ
3. කෙළෙස් හෝ ධූලි නැති.
විරජ්ජති
(වි+රද+ය) ඇලීමෙන් තොර වේ; නො ඇලේ.
විරජ්ජන
න. ඇලීමෙන් ඉවත් වීම.
විරජ්ජන්ත
3. නො ඇලෙන; නො ඇලෙමින්.
විරජ්ජිත්වා
පූ.ක්රි. ඇලීම හැර දමා.
විරජ්ජිතුං
නි. නො ඇලෙන්ට.
විරජ්ඣති
(වි+රාධ+ය) නැති කර ගනී; වරද්දා ගනී.
විරජ්ඣිත්වා
පූ.ක්රි. වැරදී.
විරත
3. ඉවත් වූ; නො ඇලුණු; වැළකී සිටින.
විරත්ත
3. කලකිරුණු; නො ඇලුණු; රාග රහිත වූ.
විරති
ඉ. ඉවත් වීම; නො ඇලීම; වැළකී සිටීම.
විරද්ධ
3. නැති කර ගත්; වරද්දා ගත්.
විරමණ
න. ඉවත් වීම; නො ඇලීම; වැළකී සිටීම.
විරමති
(වි+රමු+අ) ඉවත් වේ; නො ඇලේ; වැළකී සිටියි.
විරමන්ත
3. ඉවත්ව සිටින; වළකමින්.
විරමිත්වා
පූ.ක්රි. ඉවත් වී; වැළකී; වෙන් වී.
විරමිතුං
නි. වැළකී සිටින්ට.
විරල
3. ඉහුල නොවූ; තැන තැන අල්ප වශයෙන් තිබෙන; දුර්ලභ.
විරව
පු. ඝෝෂාව; නාදය; මහත් ශබ්දය.