බුද්ධදත්ත පාලි අකාරාදිය – 68
අභිප්පසන්න
3. ඉතා පැහැදුණු; ඉතා සතුටු වූ.
අභිප්පසාද
පු. මහත් පැහැදීම; මහත් විශ්වාසය.
අභිප්පසාදෙති
(අභි+ප+සද+ණෙ) මනා සේ පහදවයි.
අභිප්පසාරෙති
(අභි+ප+සර+ණෙ) දිගහරියි; දිගු කරයි.
අභිපාතෙති
(අභි+පත+ණෙ) හෙළයි.
අභිපාලිත
3. පාලනය කළ.
අභිපාලෙති
(අභි+පාල+ණෙ) පාලනය කරයි.
අභිපීළන
න. පෙළීම; මැඩීම.
අභිපීළිත
3. පෙළුණු; මඩනා ලද.
අභිපීළෙති
(අභි+පීළ+ණෙ) අධිකසේ පෙළයි; මිරිකයි.
අභිපූරති
(අභි+පූර+අ) පිරේ.
අභිපූරෙති
(අභි+පූර+ණෙ) පුරවයි; සම්පූර්ණ කරයි.
අභිභවති
(අභි+භූ+අ) මඩියි; යටත් කරයි.
අභිභවන
න. මැඩ පැවැතිවීම; යටත් කිරීම.
අභිභවන්ත
3. මැඩ පවත්වන.
අභිභවනීය
3. මැඩපැවැත්විය හැකි; යටත් කළ යුතු.
අභිභූ
3. ඉතා බලවත් වූ; පු. මැඩ පවත්වන්නා.
අභිභූත
3. මඩින ලද; යටත් කළ.
අභිමඞ්ගල
න. ශුභ දෙය.
3. ශුභ වූ.
අභිමණ්ඩිත
3. මනාව සැරසූ; යුක්ත වූ.
අභිමත
3. අදහස් කළ; කැමති වූ.
අභිමද්දති
(අභි+මද්ද+අ) මඩියි; මිරිකයි.
අභිමද්දන
න. මැඩීම.
අභිමද්දන්ත
3. මඩින; මඩිමින්.