බුද්ධදත්ත පාලි අකාරාදිය – 67
අභිනිබ්බුති
ඉ. නිවීම; පිරිනිවීම; සැනසීම.
අභිනිබ්භිදා
ඉ. පැළීම; බිඳ දැමීම.
අභිනිම්මද්දන
න. බලවත් මැඩීම.
අභිනිම්මිත
3. මැවූ; සෑදූ.
අභිනිම්මිනන්ත
3. මවන; මවමින්.
අභිනිම්මිනාති
(අභි+නි+මා+ණා) මවයි; සාදයි.
අභිනිම්මිනිත්වා
පූ.ක්රි. මවා.
අභිනිරොපණ
න. නැංවීම; සිත අරමුණට යොමු කිරීම.
(අභි+නි+රුප+ණෙ) නංවා තබයි.
අභිනිරොපෙත්වා
පූ.ක්රි. නංවා තබා.
අභිනිවිට්ඨ
3. අතුළට බැස සිටී; ඇලී පවත්නා.
අභිනිවිසති
(අභි+නි+විසු+අ) අතුළට වදී; ආලය කරයි.
අභිනිවෙස
පු. ආශා කිරීම; ඇලීම; පිහිටුවීම.
අභිනිස්සට
3. දුරුකළ; නික්මුණු; නෙරපන ලද.
අභිනිසීදති
(අභි+නි+සද+අ) සමීපයෙහි හිඳී.
අභිනීහට
3. පිටතට ගත්.
අභිනීහරති
(අභි+නී+හර+අ) ඉදිරියට ගෙනේ; ප්රාර්ථනා කරයි.
අභිනීහරිත්වා
පූ.ක්රි. පිටතට ගෙන.
අභිනීහාර
පු. ඉදිරියට ගෙන ඒම; ප්රාර්ථනාව.
අභිපත්ථයිත්වා
පූ.ක්රි. පතා; ප්රාර්ථනා කොට.
අභිපත්ථිත
න. පැතූ දෙය; බලාපොරොත්තුව.
3. පතන ලද.
අභිපත්ථිය
පූ.ක්රි. ප්රාර්ථනා කොට.
අභිප්පමොදති
(අභි+ප+මුද+අ) ඉතා සතුටු වේ.
අභිප්පමොදනා
ඉ. සතුටු වීම.
අභිප්පවුට්ඨ
3. වර්ෂණය කළ; වැස්ස ලැබූ.