බුද්ධදත්ත පාලි අකාරාදිය – 682

සඞ්ඛ

පු. සක්ගෙඩිය.

සඞ්ඛත

3. සංකරණය කළ; සැදූ; හේතුවකින් හටගත්.

සඞ්ඛධම

3. සක් පිඹින්නා.

සඞ්ඛධමක

3. සක් පිඹින්නා.

සඞ්ග

පු. ඇලීම; තෘෂ්ණාව; බැම්ම.

සඞ්ගච්ඡති

(සං+ගමු+අ) මුණගැසේ; හමු‍ වේ.

සඞ්ගණ්හන්ත

3. සංග්‍රහ කරන; සංග්‍රහකරමින.

සඞ්ගණ්හාති

(සං+ගහ+ණ්හා) උපකාර කෙ‍රේ; එකතු කෙරේ; සංග්‍රහ කෙරේ.

සඞ්ගණ්හිතබ්බ

3. සංග්‍රහ කළයුතු.

සඞ්ගණ්හිත්වා

පූ.ක්‍රි. උපකාර කොට; එක්කොට; සංග්‍රහ කොට.

සඞ්ගණ්හිතුං

නි. සංග්‍රහ කරන්ට.

සඞ්ගණිකා

ඉ. රංචු ගැසීම; සමූහවීම.

සඞ්ගණිකාරාමතා

ඉ. සමූහය මැද විසීම කැමති බව.

සඞ්ගත

3. එක් වූ; යුක්ත වූ; හමු වූ.

සඞ්ගති

ඉ. එක් වීම; හමු වීම.

සඞ්ගම

පු. එක් වීම; ගංගා දෙකක් එකට එකතු වෙන තැන; ස්ත්‍රී පුරුෂ සංගමය; හමු වීම.

සඞ්ගය්හ

පූ.ක්‍රි. උපකාර කොට; එක්කොට; සංග්‍රහ කොට.

සඞ්ගර

පු. අල්ලස් දීම; පොරොන්දුව; යුද්ධය.

සඞ්ගහ

පු. ඇතුළත් කිරීම; උපකාරය; එක්කොට හෝ සංක්ෂිප්ත් කොට සෑදූ ග්‍රන්ථය; එකතු කිරීම; රැස් කිරීම; සංග්‍රහ කිරීම; සත්කාරය; සැලකිලි කිරීම.

සඞ්ගහන

න. සංග්‍රහ කිරීම.

සඞ්ගහිත

3. උපකාර කල; එක්තැන් කළ; සංග්‍රහ කළයුතු.

සඞ්ගහිත්වා

පූ.ක්‍රි. උපකාර කොට; එක් තැන් කොට.

සඞ්ගාතිග

3. ඇලීම් දුරු කොට.

සඞ්ගාම

පු. යුද්ධය.