බුද්ධදත්ත පාලි අකාරාදිය – 749

සාලිභත්ත

න. ඇල් හාලේ බත.

සාලුක

න. මානෙල් අල.

සාවක

3. අනුව යන්නා; අසන්නා; ධර්මය පිළිපදින්නා; ශ්‍රාවකයා; ශිෂ්‍යයා.

සාවකත්ත

න. ශ්‍රාවක බව.

සාවකසංඝ

පු. ශ්‍රාවක පිරිස.

සාවජ්ජ

3. දොස් සහිත; ‍සදොස් වූ.

සාවජ්ජතා

ඉ. සදොස් බව.

සාවට්ට

3. දියසුළි සහිත.

සාවණ

න. ඇස්වීම; ප්‍රකාශ කිරීම.

සාවත්ථි

ඉ. සැවැත් නුවර.

සාවසෙස

3. ඉතිරි දෙයක් ඇති; වැඩියක් ඇති.

සාවිකා

ඉ. ධර්මය පිළිපදින්නී; ශ්‍රාවිකාව.

සාවිත්තී

ඉ. වේද වාක්‍යයක්.

සාවෙතබ්බ

3. ප්‍රකාශ කළ යුතු.

සාවෙත්වා

පූ.ක්‍රි. අස්වා; ප්‍රකාශ කොට.

සාවෙති

(සු+ණෙ) අස්වයි; ප්‍රකාශ කරයි.

සාවෙතු

පු. අස්වන්නා; ප්‍රකාශ කරන්නා.

සාවෙතුං

නි. අස්වන්ට; ප්‍රකාශ කරන්ට.

සාවෙන්ත

3. අස්වන; ප්‍රකාශ කරන; ප්‍රකාශ කරමින්.

සාසඞ්ක

3. අනතුරු සහිත; සැක සහිත.

සාසති

(සාස+අ) අනුශාසනා කරයි; උගන්වයි; රාජ්‍ය පාලනය කරයි.

සාසන

න. අවවාදය; ඉගැන්වීම; ධර්මය; පණිවුඩය; පාලනය; ලියුම.

සාසනකර

3. අවවාදය පිළිපදින්නා.

සාසනකාරක

3. අවවාදය පිළිපදින්නා.