බුද්ධදත්ත පාලි අකාරාදිය – 762

සුගන්ධ

3. සුවඳ ඇති; පු. සුවඳ.

සුගන්ධි

3. සුවඳ ඇති; පු. සුවඳ.

සුගහන

න. ස්ථිර ගැනීම; හොඳ ඇල්ලීම.

සුග්ගහිත

3. මනාසේ උගත්; මනාසේ ගත්.

සුගුත්ත

3. මනාසේ රක්නා ලද.

සුගොපිත

3. මනාසේ රක්නා ලද.

සුඞ්ක

පු. අයබද්ද; තීරුබද්ද.

සුඞ්කඝාත

පු. තීරුබද්ද නොගෙවීම.

සුඞ්කට්ඨාන

න. බදු ගෙවිය යුතු තැන.

සුඞ්කික

3. බදු අය කරන්නා.

සුචරිත

න. පුණ්‍ය කර්මය; යහපත් ක්‍රියාව.

සුච්ඡන්න

3. මනාසේ සෙවිලි කළ; හොඳින් වැසූ.

සුචි

3. පිරිසිදු වූ.

සුචිකම්ම

3. පිරිසිදු ක්‍රියා ඇති; යහපත් ‍දේ කරන.

සුචිගන්ධ

3. මනා සුවඳැති.

සුචිජාතික

3. පිරිසිදු බව කැමති.

සුචිත්ත

3. මනාසේ විසිතුරු වූ.

සුචිත්තිත

3. මනාසේ විසිතුරු වූ.

සුචිමන්තු

3. පිරිසිදු.

සුචිවසන

3. පිරිසිදු වස්ත්‍ර ඇති.

සුජන

පු. සත් පුරුෂයා.

සුජ්ඣති

(සුධ+ය) පිරිසිදු වේ.

සුජ්ඣන

න. පිරිසිදු වීම.

සුජ්ඣන්ත

3. පිරිසි‍දු වෙන; පිරිසිදු වෙමින්.