බුද්ධදත්ත පාලි අකාරාදිය – 774
සෙට්ඨි
පු. මහා ධනවතා; සිටාණෝ.
සෙට්ඨිජායා
ඉ. සිටු භාර්යාව.
සෙට්ඨිට්ඨාන
න. සිටු තනතුර.
සෙට්ඨිත්ත
න. සිටු බව.
සෙට්ඨිභරියා
ඉ. සිටු භාර්යාව.
සෙට්ඨී
පු. මහා ධනවතා; සිටාණෝ.
සෙණි
ඉ. ඒ ඒ වෙළදාම් හෝ කර්මාන්ත කරන සමූහය; පෙළ; භට සමූහය.
සෙත
3. පිරිසිදු; සුදු; පු. සුදු පැහැය.
සෙතක
3. සුදු පැහැති.
සෙතකුට්ඨ
න. සුදු කබර.
සෙතච්ඡත්ත
න. සුදු කුඩය.
සෙතට්ඨිකා
ඉ. වී බොල් සෑදෙන රෝගය.
සෙතපච්ඡාද
3. සුදු වැස්ම ඇති.
සෙති
(සි+අ) නිදයි.
සෙතු
පු. පාලම; හෙය.
සෙතුං
නි. නිදන්ට.
සෙද
පු. ඩහදිය.
සෙදක
3. ඩහදිය හටගන්වන; තම්බා බුරුල් කරවන.
සෙදන
න. හුමාලයෙන් තැම්බීම.
සෙදාවක්ඛිත්ත
3. ඩහදිය තැවරුණු; ඩාදිය වැගුරුණු.
සෙදිත
3. තෙත් කළ; හුමාලයෙන් තැම්බූ.
සෙදෙති
(සිද+ණෙ) ඩාදිය හටගන්වයි; හුමාලයෙන් තම්බයි.
සෙන
පු. උකුස්සා; උකුස්සා.
සෙනා
ඉ. භට සේනාව; යුද්ධ හමුදාව; සමූහය.