බුද්ධදත්ත පාලි අකාරාදිය – 78

අමුච්ඡිත

3. මුළා නොවූ; මූර්ඡා නොවූ.

අමුත්ත

3. නිදහස් නොවූ; නො මිදුණු.

අමුත්‍ර

නි. අසවල් තැන.

අමූළ්හ

3. මුළා නොවූ.

අමොඝ

3. හිස් නොවූ.

අමොඝවචන

නො සිස් වචන ඇති.

අමොහ

පු. නොමුළා බව; ප්‍රඥාව.

අය

පු. ආදායම; යකඩ; වැඩීම.

අයං

ඉ. මෝ තොමෝ; පු. මේ තෙමේ.

අයකපාල

පු. යකඩ කබල; යකඩ පියන.

අයතා

නි. අසත්‍ය; තත්වයට විරුද්ධ.

අයථාභාව

පු. ස්වභාවයට විරුද්ධාකාර.

අයන

න. මාර්ගය; සූර්‍යාගේ ගමන.

අයස

පු. අපකීර්තිය.

අය්‍ය

පු. උත්තමයා; ස්වාමියා.

අය්‍යක

පු. සීයා.

අය්‍යකා

ඉ. ආචචී; ආච්චී.

අය්‍යපුත්ත

පු. ස්වාමියාගේ පුත්‍රයා.

අය්‍යා

ඉ. ආර්‍යාව; ස්වාමිනිය.

අයිර

පු. ආර්‍යයා; ස්වාමියා.

අයිරක

පු. ආර්‍යයා; ස්වාමියා.

අයිරකුල

න. ස්වාමිකුලය.

අයුත්ත

3. අයුතු.
න. අයුක්තිය.

අයොකූට

පු. කුළුගෙඩිය.