බුද්ධදත්ත පාලි අකාරාදිය – 83
අල්ලීන
3. එකට ඇලුණු.
අල්ලීයති
(ආ+ලී+ය) ඇලේ.
අල්ලීයන
න. ඇලීම.
අලි
පු. ගෝනුස්සා; මී මැස්සා.
අලික
න. අසත්යය; බොරුව.
අලිකවාදී
න. බොරු කියන්නා.
අලිත්ත
3. නො තැවරුණු.
අලීන
3. නො හැකුලුණු; පසුබට නොවූ.
අලීනචිත්ත
3. නො පසුබට සිතැති.
අලීනතා
ඉ. නො පසුබට බව; නො හැකුලුණු බව.
අලුලිත
3. නො කැලඹුණු.
අලෙණ
3. පිහිට නැති; රක්ෂා ස්ථාන නැති.
අලොභ
3. ලෝභ නැති; පු. අලෝභය.
අලොල
3. ගිජු නොවූ; ලොල් නොවූ.
අලොලුප
3. ලොල් බව නැති.
අවකඩ්ඪති
(අව+කඩ්ඪ+අ) පස්සට අදී; පහතට අදී.
අවකඩ්ඪන
න. ඉවතට ඇදීම; පස්සට ඇදීම.
අවකඩ්ඪිත
3. ඉවතට අදින ලද; පහතට අදින ලද.
අවකස්සති
(අව+කස්ස+අ) ඉවතට අදී; පස්සට අදී.
අවක්කන්ත
3. බැසගත්; මඩින ලද.
අවක්කන්ති
ඉ. පිළිසිඳ ගැන්ම; බැස ගැන්ම.
අවක්කමති
(අව+කමු+අ) ඇතුළට ඉසී; ඉවත් වේ.
අවක්කම්ම
පූ.ක්රි. ඉවත්ව.
අවක්කාර
පු. ඉඳුල් කෑම; ඉවත දැම්ම; කසල.