සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 194
ආරාධනාපෙඛ
පු. සතුටු කරවනු කැමැත්තේ සතුටු කිරීම, බලාපොරොත්තු වන්නේ, ආරාධනා පෙඛො මඤඡුසරෙන ගායි. (පි. 137)
ආරාධනීය
පු. ආරාධනා කටයුතු, ඇමතිය යුතු. (පි. 138)
ආරාධිත
ති. ආරාධනා කරණු ලැබූ, පවරණු ලැබූ. (පි. 138)
ආරාධෙති
ක්රි. (ආ+රාධ √ දි. සංද්ධිසියං සිදුකිරීමෙහි +ණෙ+ති) ආරාධනා කරයි. (පි. 138)
ආරාම
පු. අභිරමනය, උපවනය, නුවරට නුදුරුව රොපනය කළ උද්යානය, ආශ්රමය. (පි. 138)
ආරාමඋපචාර
න. ආරාම උපචාරය, අරම අසල, අරම ළඟ, ආරාමයේ පරික්ෂෙපය, “අනුජානාමි භික්ඛවෙ ආරාමෙ ආරාමුපචාරෙ ඡත්තං ධාරෙතුං.” (පි. 138)
ආරාමකථා
ඉ. ආරාම වස්තුන් පිළිබඳ කථා, අදින්නාදාන පාරාජිකාවෙහි ආරාම පිළිබඳ විනිශ්චය. (පි. 138)
ආරාමකිච්ච
න. ආරාම පිළිබඳ කටයුතු. (පි. 138)
ආරාමකිනී
ඉ. ආරාමයෙහි වසන්නී. (පි. 138)
ආරාමගොනිසාදික
පු. ප්රකාර, භිත්ති ආදියකින් වට නොකළ ආරාමය ගොනිසාදිකා යයි කියති. එය ආරාමගොනිසාදිකා, විහාර ගොනි සාදිකා යයි දෙවැදෑරුම් වේ. (පි. 138)
ආරාමගොපක
පු. අරම්පල්ලෝ, ආරාම ආරක්ෂකයෝ. (පි. 138)
ආරාමට්ඨ
පු. ආරාමයෙහි පිහිටි, අරමෙහි තුබූ. (පි. 138)
ආරාමතා
ඉ. අභිරමන භාවය, ඇලීම්බව. (පි. 138)
ආරාමදෙවතා
ඉ. අරම්දෙවියෝ, පුෂ්පාරාම, ඵලාරාමයන්හි වසන දෙවියෝ. (පි. 138)
ආරාමපරිවත්තන
න. ආරාම හුවමාරුව, අරමකින් අරමක් පරිවර්තනයකර ගැනීම. (පි. 138)
ආරාමපාල
පු. උද්යාන පාලකයා, ආරාම පාලකයා.
පු. උයන් ගොවුවෝ, ආරාම පාලකයෝ. (පි. 138)
ආරාමරාමණෙය්යක
න. ආරාමයන් ගෙන් සිත් ඇලවීම් ඇති, පුෂ්පාරාම ඵලාරාමයන්ගේ සිත්කලු බව. (පි. 138)
ආරාමරොපන
න. උයන් වතු රොපනයකිරීම.
න. උයන් වතු රොපනයකිරීම. (පි. 138)
ආරාමවත්ථු
න. අරම් බිම්, ආරාමවස්තු, පස් විසි ගරුභාණ්ඩයන්ගෙන් එකක් “ආරාමවත්ථු නාම තෙසං යෙව ආරාමානං අත්ථාය පරිච්ජින්දිත්වා ඨපිතොකාසෙ.
පු. ආරාමභූමිය. (පි. 138)
ආරාමසාමික
පු. අරම් හිමියා, ආරාමය කළ තැනැත්තා, පුෂ්පාරාම-ඵලාරායෙහි අයිතිකාරයා. (පි. 138)
ආරාමික
පු. ආරාමයෙහි නියුක්තයා, ආවාසිකයා, ආරාමයෙහි වසන්නා. (පි. 138)
ආරාව
පු. හඬ, නාදය, ඝොෂාව. (පි. 138)
ආරිය
පු. ආර්ය්යයන්ට අයිති, ආර්ය්යයන් පිළිබඳ. (පි. 138)
ආරියජාති
ඉ. ආර්ය්යය ජාතිය. (පි. 138)