සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 195

ආරිස්ස

න. (ඉසි ශබ්දයාගේ ඉකාරයට ආ ආදේශයි. රිආගමයි. සකරද්විත්තයි.) ඍෂීහුගේ ස්වභාව, ඍෂීහට අයත් දෙය. (පි. 138)

ආරුණ්ණ

න. වැළපීම, කෑගැසීම, විලාපකීම. (පි. 138)

ආරුප්ප

න. අරූපයෙහි වූ, අරූතලයෙහිවූ, (පි. 138)

ආරුප්පසමාධි

ඉ. අරූපාවචරය පිළිබඳ සමාධිය. (පි. 138)

ආරුය්හ

පු.ක්‍රි. (ආ+රුහ. √ ත්වහට යහ ආදේශයි.) ආරූඪවී, නැගී. (පි. 138)

ආරුහති

ක්‍රි. (ආ+රුහ. √ භු. ජනනෙ, ඉපදීමෙහි +ති) ආරූඪවෙයි, නැගෙයි. (පි. 138)

ආරුහන

න. නැඟීම, ආරූඪවීම. (පි. 138)

ආරූග්‍ය

න. නිරෝගී බව, ආරෝග්‍ය භාවය, (පි. 138)

ආරූහ

න. නැගීම, වැඩීම, පලල්වීම. (පි. 138)

ආරූළ්හ

පු. (ආ+රුහ. √ ධාතුකෙරෙන් වූ ත. හට හ ආදේශයි. හ හට ල ආදේශයි), නැගුනු, ආරූඪවන ලද, (පි. 138)

ආරූළ්හහත්ථි

ඉ. ඇතුපිට නැගුනු, හස්ත්‍යාරූඩව. (පි. 138)

ආරෙවත

පු. ඇහල, ඇසල ගස. (පි. 138)

ආරොගතා

ඉ. නිරෝගීබව, ආරෝගභාවය. (පි. 138)

ආරොගසම්පදා

ඉ. ආරෝග්‍ය සම්පත්තිය, සැපත, (පි. 139)

ආරොග්‍ය

න. නිරෝගී බව, නිරෝගී ස්වභාවය. (පි. 138)

ආරොග්‍යමද

පු. නිරෝගී භාවයෙන් මත්වීම, නිරෝගීකම නිසා ඇතිවන මත් ගතිය. (පි. 138)

ආරොචන

න. දැන්වීම, ඇඟවීම, විඤ්ඤාපනය, (පි. 139)

ආරොචාපන

න. දැන්නවීම. (පි. 139)

ආරොචාපෙත්වා

ති. පු.ක්‍රි. දන්වා, සැළකරවා. (පි. 139)

ආරොචිත

ති. දන්වන ලද, හඟවන ලද. (පි. 139)

ආරොචෙත්වා

පු. දන්වා, හඟවා, විඤ්ඤාපනය කොට. (පි. 139)

ආරොචෙති

ක්‍රි. (ආ+රුව. √ චු. රොචනෙ, රුචිකිරීමෙහි +ණෙ+ති) දන්වයි, හඟවයි. (පි. 139)

ආරොදති

ක්‍රි. (ආ+රුදි. √ භු. අස්සුවිමොචනෙ, කඳුලුහෙලීමෙහි +ති) හඬයි, අඬයි. (පි. 139)

ආරොදන

න. හැඬීම, කඳුලුවැගිරවීම. (පි. 139)