සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 365
කන්දරාල
පු. තෙලැසටුගස. (පි. 241)
කන්දල
පු. කිඩාරම් ගස. (පි. 241)
කන්දළ
පු. මානෙල් මල්. (පි. 241)
කන්දිත
ත්රි-හඬනලද, හැඬීම, දුක්වනලද. (පි. 241)
කන්දුක
පු. පන්දුව. (පි. 241)
කන්ධරා
ඉ. ග්රීවය, ගෙල. (පි. 241)
කනිට්ඨ
ති. අති ස්වල්පදෙය, ඉතා තරුණයා, බාල සහෝදරයා, කනිට්ඨක-බාල සහෝදරයා. (පි. 241)
කනිට්ඨත්ත
න. දියුණුවෙන් අඩු තත්ත්වය. (පි. 242)
කනිට්ඨඵල
න. සුළු ඵලය. (පි. 242)
කනිට්ඨභවන
න. උසස් දෙවියන්ගේ විමානය. (පි. 242)
කනිට්ඨා
ඉ. සුලඟිල්ල, හුලඟිල්ල. (පි. 242)
කනිට්ඨි
ඉ. බාල සොහොවුරිය. (පි. 242)
කනිය
ති. අතිස්වල්පය, කනිට්ඨ බලනු. (පි. 242)
කනීනික
ඉ. ඇසේ ඉංගිරියාව, ටිඟිනිය. (පි. 242)
කප
තු-වැසීමෙහී, ඇචීමෙහි.
√ චු. චලනයෙහි, කපෙති, කපයති, සැලෙයි.
√ භු. කරුණුවෙහි, කපති, කරුණු කෙරෙයි. (පි. 242)
කපට
පු. න. කපටියා=කෛරාටිකයා. (පි. 242)
කපණ
ති. කෘපණ, දිලිඳු, තදමසුරා, දුගියා. (පි. 242)
කපණජීවිත
න. දිලිඳු ජීවිතය, දුප්පත් ජීවිතය. (පි. 242)
කපණද්ධික
පු. සිඟන්නා, මගියා. (පි. 242)
කපණභාව
න. දිලිඳුභාවය, දුප්පත් බව. (පි. 242)
කපණමනුස්ස
පු. දිලිඳු තැනැත්තා, දුප්පත් මිනිසා. (පි. 242)
කපණලද්ධක
පු. දුකින් ලැබූ තැනැත්තා. (පි. 242)
කපණවිසිඛා
ඉ. මුඩුක්කු, දිලින්දන් වසන වීදිය. (පි. 242)
කපණවුත්ති
න. දිලිඳු ජීවිතයක් ගෙනයෑම. (පි. 242)