සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 366

කපණිකා

ඉ. අසරණ ස්ත්‍රිය. (පි. 242)

කපණිත්ථී

ඉ. දුප්පත්-අසරණ ස්ත්‍රිය. (පි. 242)

කපද්දී

පු. ඊශ්වරයා, උමාපති. (පි. 242)

කපලඛණ්ඩ

න. කැබිලිති කෑල්ල. (පි. 243)

කපල්ල(ක)

න. කබල, කපාල, -කපල්ලපූව, කබලුපූ, කබලුකැවුම්. (පි. 242)

කපල්ලතනී

ඉ. මැටියෙන් කළ භාජනයක්. (පි. 242)

කප්ප

ති. කාල, කෘතාදියුග, ලෙශ, පණත්, පරමායුෂ, සදාශාර්‍ථ, ශ්‍රමණව්‍යවහාර කප් බින්දු තැබීම, සමන්තභාවය, අන්තඃකල්ප, අසඞ්ඛ්‍යකල්ප, මහාකල්ප, ලෙශමාත්‍ර, විකල්ප, විතර්‍ක, විධාන, අභිසද්දහනාර්‍ථ යන මෙහි.
√ භු. සමර්‍ථභාවයෙහි, කප්පති, පොහොසත් වෙයි.
√ චු. විධානයෙහි කප්පෙති, කප්පයති, විධානයකරයි.
√ චු. විතර්කණයෙහි, සිඳීමෙහි, කප්පෙති කප්පයති. විතර්කයයි, සිඳුයි. (පි. 242)

කප්පක

පු. කපුවා, කරණවැමියා, ඇම්බැට්ටයා. (පි. 242)

කප්පකොලාහල

පු. කල්පවිනාසයට පෙරටුව දෙවි මිනිසුන් අතර පවත්නා කොලාහලය. (පි. 242)

කප්පග්ගි

ඉ. කල්පාන්තයේ ගින්න. (පි. 242)

කප්පට

න. පරණ රෙදි, ඉරුණු ඇඳුම, කුණු. (පි. 242)

කප්පට්ඨ

පු. කාලය ඉක්මවූ කෙනෙක්, රහතුන් වහන්සේ. (පි. 242)

කප්පති

ක්‍රි. (√ භු. කප්ප-සමත්ථභාවෙ, සමර්‍ථ භාවයෙහි +ති) පොහොසත් වෙයි. (පි. 242)

කප්පන

න. කැපීම්, විතර්‍ක. ඉ. අශ්වාදීන් සැදීම. (පි. 242)

කප්පර

පු. කබල, වැලමිට, හිස්කබල. (පි. 242)

කප්පරුක්ඛ

පු. කල්පවෘක්ෂය=කප්රුක, දිබ්බ රුක්ඛ බලනු. (පි. 242)

කප්පලතා

ඉ. කප්රුක වැනි වැලක්. (පි. 242)

කප්පහලාහල

√ කල්පාන්තයෙහි වන මහා හඬ. (පි. 242)

කප්පායුක

පු. ආයුස් කල්පයට වඩා ජීවිතය ගතකල කෙනෙක්. (පි. 242)

කප්පාස

පු. කපුගස. (පි. 242)

කප්පාසික

න. කපුපිලි=කපු නූලින්කළ දේ. (පි. 242)

කප්පාසී

ඉ. කපු. (පි. 242)

කප්පික

ති. කැප ඇති, පරිභොගයට සුදුසු. (පි. 242)

කප්පිත

පු. සරසනලද, සකස්කළ, සැරසූ ඇතා. (පි. 242)