සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 367

කප්පිය

පු. කැප ඇති, සුදුසු. (පි. 242)

කප්පියකාරක

පු. කැපකරුවා. (පි. 242)

කප්පියභණ්ඩ

න. කැප බඩු, පරිභොගයට සුදුසු බඩු. (පි. 242)

කප්පුට්ඨාන

න. කල්පාන්තයට අයත්වීම. (පි. 242)

කප්පූර

පු. න. කපුරු. (පි. 242)

කප්පෙති

ක්‍රි. (√ භු. කප්ප කප්පණෙ, විතර්‍ක කිරීමෙහි-කප්ප+ණෙ+ති) විතර්‍ක කරවයි. (පි. 242)

කපා

ඉ. රාත්‍රිය. (පි. 242)

කපාට

පු. න. දොරබාව. (පි. 242)

කපාල

න. හිස්කබල, කළ, ලබු ආදීන්ගේ කබල්. (පි. 243)

කපාලක

පු. කුඩා භාජනයක්, පාත්‍රය. (පි. 243)

කපාලඝර

පු. කබලක් අතේ ඇත්තා, ඊශ්වරයා, (ඊශ්වරයා අත මිනී හිස්කබලක් ඇත) (පි. 243)

කපාලහත්ථ

ති. කබලක් ගත් අත් ඇති, පාත්‍රයක් ගත් අත් ඇති. (පි. 243)

කපාලාභත

ති. පාත්‍රයෙන් ගෙන ආ, (බත) (පි. 243)

කපි

√ චු. යාමෙහි, කපෙති, කපයති, යෙයි.
√ චු. බැබලීමෙහි, කම්පෙති, කම්පයති, බබලයි.
√ රු. මඳක් සෙලවීමෙහි, කම්පති, සෙලවෙයි.
පු. වඳුරා, රිලවා. (පි. 243)

කපිකච්ඡු

පු. වඳුරු මෑ, කසඹිලියා. (පි. 243)

කපිචිත්ත

ති. අස්ථිර, ටිකෙන් ටික වෙනස්වන, වඳුරු සිතක් ඇති. (පි. 243)

කපිඤ්ජල

පු. වලිකුකුළු වර්ගයක්. (පි. 243)

කපිත්ථ

පු. ගිවුලු, දිවුල්ගස. (පි. 243)

කපිත්ථක

පු. ගිවුලු, දිවුල්ගස. (පි. 243)

කපිත්ථන

පු. ගිවුලු, දිවුල්ගස. (පි. 243)

කපිමිද්ධ

න. වඳුරු නින්ද. (පි. 243)

කපිල

පු. නිල් රන්වන් පැහැය, කිඹුලා. (පි. 243)

කපිලවත්ථු

න. කිඹුල්වත්පුරය. (පි. 243)

කපිලා

ඉ. ඇට්ටේරිය, හරේණුරුක, සුවඳ වර්ගයක්, වරාගස, අසු(හු) ගස. (පි. 243)