සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 368
කපිවල්ලී
ඉ. ඇත් වගපුල්. (පි. 243)
කපිසීස
පු. අගුලුකනුව. (පි. 243)
කපීතන
න. තෙලැසටුගස. (පි. 243)
කපු
√ භු. පොහොසත් බැව්හි, කප්පති, සමර්ථවෙයි=හැකිවෙයි.
√ භු. හිංසාවෙහි, කප්පති, හිංසා කෙරෙයි. (පි. 243)
කපොණි
ඉ. වැලමිට. (පි. 243)
කපොත
පු. පරවියා=පක්ෂි විශේෂයක්. (පි. 243)
කපොත පාද
ති. පරෙවි පාද වැනි. (පි. 243)
කපොත පාලිකා
ඉ. කොබෝ ගෙඩි වළල්ල. (පි. 243)
කපොල
පු. කපොලය, කම්මුල. (පි. 243)
කබර
න. කබරයයි ප්‍රසිද්ධ තිත්, පැල්ලම්, ලප, පොහොර. “කබර ගොරූපංවිය” (පි. 243)
කබරගොරූප
න. කබර එළදෙනගේ රූපය. (පි. 243)
කබරමණි
පු. මැසිරිගල. (පි. 243)
කබල
පු. ආලොපය=බත්පිඩ. (පි. 243)
කබලිංකාරාහාර
පු. කබලීකෘත ආහාරය. පිඩුකොට වළඳන ආහාරය, දිවි පැවැත්මට හේතුවන සියලුම ආහාර වර්ග මීට ඇතුළත් වේ. (පි. 243)
කබලීකාර
පු. බත් පිඩු කිරීම, බත් ගුලි කිරීම. (පි. 243)
කබ්බ
√ භු. ස්තුතියෙහි, වර්ණයෙහි, කබ්බති, පසසයි, පාට කරයි.
√ භු. යාමෙහි, දප්පයෙහි, කබ්බති, යෙයි, ආඩම්බර වෙයි. (පි. 243)
කබ්ය
න. කාව්‍යය. (පි. 243)
කම
පු. ක්‍රමය, පිළිවෙළ, අනුක්‍රමය. (පි. 244)
කමණ්ඩුලු
පු. නු-කෙණ්ඩිය, කොතලය. (පි. 244)
කමති
ක්‍රි. (කමු+ති) යෙයි, පාද වික්ෂෙපය කරයි. (පි. 244)
කමන
න. යෑම, ගමන්කිරීම. (පි. 244)
කමනීය
ති. කැමති වියයුතු. (පි. 244)
කමල
න. පියුම, නෙපුම්, ජලය. එනම් තෘණ විශේෂය. (පි. 244)
කමලයොනි
ඉ. පියුම්යොන්, බ්‍රහ්මයා. (පි. 244)