සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 369
කමලාසන
පු. නු-පද්මාසනය, බ්රහ්මයා. (පි. 244)
කමලිනී
ඉ. පියුම්විල, කමලාකරය. (පි. 244)
කම්ප
√ භු. කම්පාවීමෙහි, කම්පති, කම්පා වෙයි. (පි. 243)
කම්පක
පු. කම්පාකරන්නා, සොලවන්නා. (පි. 243)
කම්පති
ක්රි. (කම්ප+ති) කම්පාවෙයි, සැලෙයි. (පි. 243)
කම්පන
ති. සැලීම, කම්පාවීම. (පි. 243)
කම්පිත
ති. සැලෙන ලද. (පි. 243)
කම්පෙති
ක්රි. (කම්ප+ණෙ+ති) කම්පාකරයි. (පි. 243)
කම්බ
√ භු. සංවරණයෙහි, කම්බති, සංවරණය කෙරෙයි. (පි. 243)
කම්බල
පු. න. රොමයෙන් තැනූ පලස.
පු. මේරුපාදයෙහි නාග වර්ගයක්. (පි. 243)
කම්බල කූටාගාර
න. කම්බිලි රෙදිවලින් කරන කුළුගෙය=සිවිගෙය. (පි. 243)
කම්බලිය
න. ලෝමවලින් තැනූ පොරෝනාව. (පි. 243)
කම්බු
පු. රත්රන්, සක්, වළලු. (පි. 243)
කම්බු ගීවා
ඉ. රන් මිහිඟු බෙරයක් සමාන වූ හෝ තුන්හි(ඉ)රකින් උපලක්ෂිත ග්රීවය. (පි. 243)
කම්බුපරිහරක
පු. අත් ඔරලෝසුව, වලල්ල. (පි. 243)
කම්බුර
පු. කඹුරු වර්ණය. (පි. 243)
කම්බුස්ස
න. රත්රන්, රන්මය අබරණ. (පි. 244)
කම්බොජ
පු. එනම් රට, එනම් ජනපදය. (පි. 244)
කම්බොජක
පු. කම්බෝජයෙහි උපන්, අශ්වතරයා. (පි. 244)
කම්ම
න=කර්මය, ක්රියාව, සිතිවිල්ල=යම් ක්රියාවක් කිරීමට සිතීම. (පි. 244)
කම්මක
පු. කර්මය ඇති, කර්මය සහිත. (පි. 244)
කම්මකර
පු. කම්කරුවා, කර්මාන්ත කරන්නා, බැලමෙහෙකරන්නා. (පි. 244)
කම්මකරණ
න. කටයුතු කරන, කර්මය කරන. (පි. 244)
කම්මක්ඛය
පු. කර්මක්ෂය, කර්මය ක්ෂයවීම. (පි. 244)