සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 364
කනකපභා
ඉ. ස්වර්ණමය ආලෝකය. (පි. 241)
කනකරාජ
පු. ස්වර්ණමය කඳු මුදුන්හි රජු, හිමාලය පර්වතය. (පි. 241)
කනකවිමාන
න. රන් විමන. (පි. 241)
කනකසිඛර
ඉ. ස්වර්ණමය කඳු මුදුන. (පි. 241)
කනති
ක්‍රි. (කන+ති), බබලයි. (පි. 241)
කන්ත
පු. ස්වාමිපුරුෂයා, වල්ලභයා, මනොහර, මනවඩන. (පි. 241)
කන්තති
ක්‍රි. (කන්ත+ති) නූල් කටියි.
ක්‍රි. √ භු. කන්ත-කන්තනෙ, කැපීමෙහි-කන්ත+ති, කපයි, සිඳියි. (පි. 241)
කන්තන
න. කැපීම, සිඳීම. (පි. 241)
කන්තර මග්ග
පු. යෑමට අමාරු මග, කාන්තාර මාර්ගය. (පි. 241)
කන්තා
ඉ. ප්‍රියාව, ප්‍රිය භාර්‍ය්‍යාව. (පි. 241)
කන්තාර
න. ආරණ්‍යය, දුර්ගමාර්ගය, නිරුදක, චොර, වාළ, දුර්භික්ෂ යන කාන්තාර සතර. (පි. 241)
කන්තාර පටිපන්න
ති. කතර මඟට පිළිපන් තැනැත්තා, වනයෙහි වසන තැනැත්තා. (පි. 241)
කන්තාර මුඛ
න. කාන්තාරයට ඇතුළ්වන දොරටුව, කාන්තාර මුඛය. (පි. 241)
කන්තාරද්ධාන
න. කතර මග, දුර්ගමාර්ගය, කාන්තාර මාර්ගය. (පි. 241)
කන්තාරීය
ති. කාන්තාරයෙහි ජීවත්වන, වන සංචාරක උපදේශකයා, යක්ෂයනට ව්‍යවහාර කරන නාමයක්. (පි. 241)
කන්ති
ඉ. රුචිය, රශ්මිය. (පි. 241)
කන්තික
න. කරකැවීම, නූල් කැටීම.
පු. කැමතිවන්නා, කාන්ති ඇත්තා. (පි. 241)
කන්තිකා
ඉ. කිඳි=රසකිඳ. (පි. 241)
කන්තිත
ති. කපනලද, සිඳින ලද. (පි. 241)
කන්ද
√ චු. නිතර හැඬීමෙහි, කන්දෙති, කන්දයති, නිතර හඬයි.
පු. අල, හිඟුරල බතල ආදී අල.
√ භු. ආමන්ත්රණයෙහි, හැඩීමෙහි. (පි. 241)
කන්දති
ක්‍රි. (√ භු. කන්ද-රොදනො, හැඬීමෙහි +ති) හඬයි.
ඉ. අමතයි, හඬයි. (පි. 241)
කන්දන
න. රොදනය, හැඬීම. (පි. 241)
කන්දප්ප
පු. අනඞ්ගයා, කාමයා=කන්දර්පයා. (පි. 241)
කන්දර
පු. න. භූමි පර්වතාදීන්ගේ විවර, කඳු රැලි. (පි. 241)