සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 396

කුම්භි

ඉ. සැළිය, කසට ගස. (පි. 256)

කුම්භීල

පු. කිඹුලා. (පි. 256)

කුම්භීලක

පු. කිඹුලන්ට අයත්, කිඹුලුන් පිළිබඳ. (පි. 256)

කුම්භූපමා

ඉ. කළගෙඩි උපමාව. (පි. 256)

කුම්ම

පු. කුර්මයා, කැස්බා, ඉබ්බා. (පි. 256)

කුම්මග්ග

පු. නොමග, අයුතුමග, නපුරුමග. (පි. 256)

කුම්මාස

පු. කොමු, කොමු පිඩු. (පි. 256)

කුම්මිග

පු. කුඩා මුවා. (පි. 256)

කුමාර

පු. √ චු. ක්‍රීඩාවෙහි, කුමාරෙති, කුමාරයති, ක්‍රීඩා කෙරෙයි, සෙල්ලම් කෙරෙයි.
පු. බාලයා, කඳකුමරු, යුවරජ, ලදරු, රාජ පුත්‍රයා. (පි. 256)

කුමාරක

පු. ලුණුවරණ ගස, කුඩා ළමයා. (පි. 256)

කුමාරකවාද

න. කුඩා ළමයෙකු මෙන් කථා කිරීම. (පි. 256)

කුමාරිකා

ඉ. බාලස්ත්‍රිය, කෝමාරිකා. (පි. 256)

කුමාරිපඤ්හ

පු. කුමාරිකාවගේ ශරීරයෙහි දෙවතාරෝපණය කොට ප්‍රශ්න විචාරීම. (පි. 256)

කුමාරී

ඉ. කුමරිය, ලදරිය, රජදුව, කෝමාරිකා ගස. (පි. 256)

කුමිණ

න. කෙමණ, මසුන් ඇල්ලීමට සාදන ඉරටිය. (පි. 257)

කුමුද

න. හෙළ උපුල්, උත්පල සියක් ලක්ෂයවූ සඞ්ඛ්‍යාව. පු. කුමුද නම් දිගැතා. (පි. 257)

කුමුදනල

න. හෙල උපුල් දණ්ඩ. (පි. 257)

කුමුදබන්ධු

පු. චන්ද්‍රයා, සඳරැසින් කුමුදු පිපෙයි. කපුරු. (පි. 257)

කුමුදවණ්ණ

න. හෙල උපුල් මල් පැහැය. (පි. 257)

කුමුදවතී

ඉ. උපුල් විල. (පි. 257)

කුමුදිකා

ඉ. කසට ගස. (පි. 257)

කුමුදිනී

ඉ. උපුල් විල, පියුම් විල. (පි. 257)

කුර

න. බත්.
√ භු. ශබ්දයෙහි, ආක්‍රෝශයෙහි, කුරති, ශබ්ද කෙරෙයි, අක්‍රොශ කෙරෙයි. (පි. 257)

කුරඞ්ග

පු. එනම් මුවා. (පි. 257)