සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 395
කුන්ථකිපිලලික
න. එනම් පණු විශේෂය. (පි. 256)
කුන්ද
න. කොඳ, වෑකොඳ. (පි. 256)
කුනූය
√ භු. ශබ්දකිරීමෙහි, කුනූයතී, ශබ්ද කෙරෙයි. (පි. 256)
කුප
√ දි. කිපීමෙහි, කුප්පති, කිපෙයි.
√ චු. කීමෙහි, දීප්තියෙහි, කොපෙති, කොපයති කියයි. දිලිසෙයි. (පි. 256)
කුපථ
පු. අයහපත් මාර්ගය, නපුරු මාර්ගය, මිථ්‍යා මාර්ගය. (පි. 256)
කුප්ප
න. තඹ ලෝහෝ ආදිය, කිපීම, කෝපය. (පි. 256)
කුප්පති
ක්‍රි. √ දි. කුප, (කිපීමෙහි +ති) කිපෙයි. (පි. 256)
කුප්පන
න. කිපීම, කෝපය. (පි. 256)
කුපිත
ති. කිපුනු, කෝපවනලද. (පි. 256)
කුබ්බති
ක්‍රි. (කර+ඔ=උ කරධාතු කකාරස්ථ අකාරයට, උ, රකාර ලොප් උ=ව වව=බ්බ+ති) කෙරෙයි. (පි. 256)
කුබ්බන
න. කිරීම. (පි. 256)
කුබ්බනක
පු. කිරීම, කරන්නා, කුඩා කැලෑව. (පි. 256)
කුබ්බර
පු. රථයෙහි කිඹුල් මුව, රිය කඳ, ඒරිය කඳ, බෝන්ලීය. (පි. 256)
කුබ්බි
√ භු. උසස් ගමනෙහි, කුම්බති, උසස්ව යෙයි. (පි. 256)
කුබි
√ භු. වැසීමෙහි, කුම්බති, වසයි. (පි. 256)
කුම්භ
න. කුඹය, නැව් කුඹ ගස.
පු. හස්ති ශීර්ෂ පිණ්ඩය, කුම්භස්ථලය, කළය, දස අමුණ, ගුගුල්. (පි. 256)
කුම්භකාර
පු. කුඹලා, මැටි බඳුන් සාදන්නා, බඩසැලයා. (පි. 256)
කුම්භට්ඨාන කථා
ඉ. උදක ස්ථානය පිළිබඳ කථා. (පි. 256)
කුම්භණ්ඩ
පු. එනම් දෙවයොනිය, කොමඩු. (පි. 256)
කුම්භණ්ඩසාමි
පු. විරූළ්හක නම් වරම් රජ. (පි. 256)
කුම්භථූන
න. එක් මුහුනින් යුත් තූර්ය්ය විශේෂයක්. (පි. 256)
කුම්භදාසි
ඉ. කළමිඩිය, දිය අදිනා දාසිය. (පි. 256)
කුම්භදාසි කථා
ඉ. කුම්භදාසීන් පිළිබඳ කථා. (පි. 256)
කුම්භහාරමත්ත
න. කළගෙඩි බරක් පමණ බර. (පි. 256)