සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 469
ජරාධම්ම
පු. ජරාස්වභාව, ජරාගතිය. (පි. 295)
ජරාභය
න. ජරාව නිසා ඇතිවන දෙය. (පි. 295)
ජල
√ භු. දිත්තියං, බැබලීමෙහි, ජලති, බබලයි.
න. ජලය, දිය, වතුර.
√ චු. වාරණෙ, වැලකීමෙහි, ජාලයති, ජාලෙති, දිසිසෙයි, බබළයි. (පි. 295)
ජලකක්ඛ
පු. ඇතා, හස්තියා. (පි. 295)
ජලචර
පු. දියෙහි හැසිරෙන්නා, මත්ස්යයා. (පි. 295)
ජලති
ක්රි. (ජල √ භු. දිත්තියං, දිලිසීමෙහි +ති) දිලිසෙයි. (පි. 295)
ජලදායක
පු. ජලදායකයා, දියදෙන්නා, කෙණ්ඩිය, මොඝය. (පි. 295)
ජලන
න. දිලිසෙන, දිලිහීම, ගින්න. (පි. 295)
ජලනිග්ගම
පු. උදක නිර්ගමය, වාරිමාර්ගය, සොරොව්ව. (පි. 295)
ජලනිධි
ඉ. සාගරය, සමුද්රය. (පි. 295)
ජලසුත්ති
ඉ. රන්වන් බෙල්ලා. (පි. 295)
ජල්ල
පු. සරඹ ආදී ශරීර ව්යායාමයෙහි දක්ෂයා. (පි. 296)
ජල්ලිකා
ඉ. ලවණ පටලාදි ශරීරය පිට සෑදෙන මල, කුණු. (පි. 296)
ජල්ලී
පු. විජ්ජා කාරයා, ඉන්ද්රජාලිකයා. (පි. 296)
ජලාධාර
පු. උදකාධාරය, ජලාසය, විල් සැලි ආදිය. (පි. 295)
ජලාබු
පු. ගර්භාශය, දලබුව, දලබු බලනු. (පි. 295)
ජලාලය
පු. ජලය ආලය කොට ඇත්තා, දියෙහි වාසය කරන්නා. මත්ස්යයා. (පි. 295)
ජලාසය
පු. දිය පිහිටි තැන, සමුද්ර, විල්, තඩාගාදිය. (පි. 296)
ජලිත
ති. ජ්වලිත, බබලන ලද, දිලිසෙනලද. (පි. 296)
ජලිතිද්ධි
ඉ. ච්චලිත ඍද්ධිය, ජ්වලිත ඍද්ධි ඇති. (පි. 296)
ජලුක
ඉ. දියපූඩාවා, දියකූඩැල්ලා, කන්වෑයා. (පි. 296)
ජලුපිකා
ඉ. කූඩැල්ලා. (පි. 296)
ජලොගි
ඉ. තරුණසුරා. (පි. 296)
ජව
√ භු. ගමනෙ, යැමෙහි, ජවති, යෙයි.
පු. වේගය, ඉතා ජවඇති අශ්වයා. (පි. 296)