සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 492
තුඩි
√ භු. තොඩනෙ, මිරිකීමෙහි, ඉරීමෙහි, තුණ්ඩති, මිරිකයි, ඉරයි. (පි. 308)
තුණ
√ භු. කොටිල්ලෙ, කුටිලභාවයෙහි, තොණති, වක්ව යෙයි. (පි. 309)
තුණ්ඩ
න. හොට, මුඛය. (පි. 308)
තුණ්ඩක
පු. හොටක් ඇත්තා. (පි. 308)
තුණ්ඩිකෙසරී
ඉ. කපු, කෙම්වැල. (පි. 308)
තුණ්ණ
න. ශීඝ්රය, වහා. (පි. 308)
තුණ්ණවාය
පු. සන්නාලියා, වස්ත්රවියන්නා, පෙසකාරයා. (පි. 308)
තුණ්හී
අ. නිශ්ශබ්දය, නොබිණීම, කථා නොකිරීම. (පි. 309)
තුණ්හීභාව
පු. නිශ්ශබ්දභාවය, නොබිනීම් ස්වභාවය. (පි. 309)
තුණ්හීයති
ක්රි. (තුණ්හී+ඊය+ති) නිශ්ශබ්ද වෙයි. (පි. 309)
තුණ්හීර
න. ඊකොපුව. (පි. 309)
තුත්ත
න. කැවිට, කෙවිට. ඇතුන්ගේ කණ මුල විදින කටුව, තොමර බලනු. (පි. 309)
තුත්ථා
ඉ. බේරු, බෙරු තෘණ. (පි. 309)
තුද
√ භු. ව්යථායං, පෙළීමෙහි, තුදති, විදියි. පෙළයි, විතුදති. (පි. 309)
තුදති
ක්රි. (තුද. √ භු. බ්යථනෙ, පෙළීමෙහි +ති) පෙළයි, අනියි. (පි. 309)
තුදන
න. විදීම, පෙළීම. (පි. 309)
තුදම්පති
පු. අඹුසැමි දෙදෙනා. (පි. 309)
තුන්ද
පු. අලසයා. (පි. 309)
තුප
√ භු. හිංසායං, පීඩාවෙහි, තොපති, තුම්පති, හිංසා කරයි. (පි. 309)
තුබ්බි
√ භු. හිංසායං, පෙළීමෙහි, තුබ්බති, පෙළයි. (පි. 309)
තුබි
√ භු. පීඩනෙ, පීඩාවෙහි, තුම්බති, පෙළයි. (පි. 309)
තුභ
√ භු. දි. හිංසායං, පීඩාවෙහි, තුභති, තුබ්භති, පීඩාකරයි. (පි. 309)
තුම්බ
පු. කෙණ්ඩිය, ලාස්ස, ලාහ = නැලි සතරක්, පැන්සැලිය. (පි. 309)
තුම්බකටාහ
පු. ලබුකබල. (පි. 309)