සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 513
දිට්ඨමිත්තක
පු. දුටුමිත්ර. (පි. 319)
දිට්ඨා
අ. සන්තෝෂයෙහි. (පි. 319)
දිට්ඨානුගති
ඉ. දෘෂ්ටානුගතිය, දුටුදේ අනුව යාම. (පි. 319)
දිට්ඨානුසය
පු. දෘෂ්ටි අනුසය. (පි. 319)
දිට්ඨි
ඉ. දෘෂ්ටිය, ලබ්ධිය, විශ්වාසය. (පි. 319)
දිට්ඨිනිජ්ඣානක්ඛන්ති
ඉ. තමා විසින් ගන්නා ලද ලබ්ධිය හා සමානයයි කැමති වීම. (පි. 319)
දිට්ඨිවිපත්ති
ඉ. දෘෂ්ටිවිනාශය, සම්‍යක් දෘෂ්ටිය නැතිවීම. (පි. 319)
දිට්ඨිවිප්ඵන්දිත
න. දෘෂ්ටිචලනය, දෘෂ්ටිකම්පාව. (පි. 319)
දිට්ඨිවිසුද්ධි
ඉ. දෘෂ්ටි විසුද්ධිය. (පි. 319)
දිට්ඨිවිසූකා
ඉ. දෘෂ්ටිවිකාරය, සම්‍යක් දෘෂ්ටිය. විනි විදින සම්‍යක් දෘෂ්ටියට විලොමවන දෘෂ්ටිය. (පි. 319)
දිට්ඨිසංයොජන
න. දෘෂ්ටිගැළපීම = බැඳීම. (පි. 319)
දිට්ඨිසම්පදා
ඉ. දෘෂ්ටිසම්පත්තිය. (පි. 319)
දිට්ඨිසම්පන්න
පු. සෝවාන්මාර්ග දෘෂ්ටියෙන් යුත් = සම්පූර්ණ. (පි. 319)
දිට්ඨොඝ
පු. දෘෂ්ටි ඔඝය, දෙසැට දිටු. (පි. 319)
දිණ්ණ
ති. දෙනලද, දානය කළ. (පි. 319)
දිත
ති. කපන ලද්ද. (පි. 319)
දිත්ත
පු. දිලිසෙනලද, ගර්ව ඇත්තා. (පි. 319)
දිත්ති
ඉ. දීප්තිය, රශ්මිය, ඉරු රැස. (පි. 319)
දිද්ධ
පු. විෂපෙවූ හීය.
ඉ. පරිභාවිතාර්ථයෙහි. (පි. 319)
දින
න. දිනය, දවස. (පි. 319)
දිනකර
පු. සූර්‍ය්‍යයා, හිරු, ඉරු. (පි. 319)
දිනච්චය
පු. සවස, සවස්කාලය, දිනන්තය. (පි. 319)
දිනන්ත
පු. දින කෙළවර, සවස, දිනච්චය. (පි. 319)
දිනපති
පු. දවසට අධිපතියා, සූර්‍ය්‍යයා, හිරු. (පි. 319)