සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 514

දිනමණි

පු. හිරු, සූර්‍ය්‍යයා. (පි. 319)

දින්දිභ

පු. කිරලා, කිරල් පක්ෂියා.
පු. කුරුළු වර්‍ගයක්, (පි. 319)

දින්දිම

පු. කුඩා බෙරවර්‍ගයක්, සංගීත භාණ්ඩයක්. (පි. 319)

දින්න

ති. දෙනලද, දානයකළ. (පි. 319)

දින්නක

පු. අත්‍රජ, ඛෙත්තජ, අන්තෙවාසික, දින්නක යන සතර වැදෑරුම් පුතුන් ගේ අවසානය. (පි. 319)

දින්නපාටිකඞ්ඛී

පු. දුන් දෙය කැමති වන සුලුයේ. (පි. 319)

දින්නාදායී

පු. දුන් දෙය ගන්නා සුලු තැනැත්තා. (පි. 319)

දිප

√ දි. දිත්තියං, බැබලීමෙහි, දිප්පති, බබලයි. (පි. 320)

දිපදුත්තම

පු. බුදුරජ, දෙපා ඇත්තවුන්ගෙන් උත්තමයා. (පි. 320)

දිප්පති

ක්‍රි. (දිප+ති) බබලයි, දීපො. (පි. 319)

දිප්පන

න. බැබලීම, දිලිසීම. (පි. 320)

දිපාද

පු. පා දෙකක් ඇත්තා, ද්විපාදයා. (පි. 320)

දිපි

√ භු. ගතියං, යාමෙහි, දිප්පති = දිම්පති, යෙයි. (පි. 320)

දිබ්බ

පු. දෙවියා, විෂපෙව් සරය = හීය.
ති. ක්‍රි. (දිවු = දිච්ච = දිබ්බ+ති) කෙළි. (පි. 320)

දිබ්බචක්ඛු

න. දිවැස, දිව්‍ය චක්ෂුස. (පි. 320)

දිබ්බවිහාර

පු. දිව්‍ය විහාරය. (පි. 320)

දියඩ්ඪ

ති. එකහමාර, දිවඩ්ඪ. (පි. 320)

දිරද

පු. ඇතා. (පි. 320)

දිරසඤ්ඤූ

පු. සාමාන්‍ය ඥානය, දියුණු නොවූ තැනැත්තා. (පි. 320)

දිව

පු. ස්වර්‍ගය, අහස. (පි. 320)

දිවංපති

පු. ශක්‍රයා, දෙවාධිපතියා. (පි. 320)

දිවඩ්ඪ

ති. එකහමාර. (පි. 320)

දිවස

පු. දිවස. (පි. 320)

දිවසවලඤ්ජ

පු. දවස වැලඳුම, දවස වියදම. (පි. 320)