සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 512

දාසි

ඉ. දාසිය, ඇස්, කටු කරඬුගස. (පි. 318)

දාසු

√ භු. චු. දානෙ, දීමෙහි, දාසති, දාසෙති, දෙයි. (පි. 318)

දාසෙය්‍ය

පු. දාසයා, දස්. (පි. 318)

දාසෙර

පු. දාසයා. (පි. 318)

දාහ

පු. දාහය, දැවිල්ල, පරිළාභය. (පි. 318)

දාළ

√ භු. භෙද, බිදීමෙහි, දාළති පලයි. (පි. 318)

දාළත

න. පැළීම, සිඳීම. (පි. 318)

දාළිම

පු. දෙළුම් ගස, දාඩිම. (පි. 318)

දික්ඛ

√ භු. මුණ්ඩියෙ, උපනයනෙ, මුඩුකිරීමෙහි, ශිෂ්‍යාදීන් ගැන්මෙහි, දික්ඛති, හිස මුඩු කෙරෙයි, පැවිදි වෙයි, උපනයනය කෙරෙයි. (පි. 319)

දික්ඛා

ඉ. යාග පූජාව. (පි. 319)

දික්ඛිත

න. යාගපූජාව පිළිබඳ ආරම්භක ක්‍රියාව. (පි. 319)

දිගම්බර

පු. නිවටා, වස්ත්‍ර පිළිකුල්කොට, නග්නව වාසය කරන නිවට තාපස කොටසක්, නග්නයා. (පි. 319)

දිග්ඝිකා

ඉ. අගල. (පි. 319)

දිඝත්ත

න. දීර්‍ඝ බව. (පි. 320)

දිච

√ භු. ථුතියං, ස්තුතියෙහි, දීචති, ස්තුති කරයි. (පි. 319)

දිජ

පු. දෙවරක් උපන්නහු - ද්විජ බලනු. (පි. 319)

දිට්ඨ

පු. දක්නා ලද්ද, සතුරා, කාලය. (පි. 319)

දිට්ඨක

ති. දැක්ක, පෙණෙන, පැහැදිලි, (පි. 319)

දිට්ඨධම්ම

පු. දක්නා ලද ධර්‍මය, ආත්මභාවය, ඉහාත්ම භාවය, මෙම ආත්මභාවය.
ති. ප්‍රත්‍යක්ෂවූ, අවබෝධ ධර්‍මය. (පි. 319)

දිට්ඨධිම්මික

ඓහලෞකිකය, මෙලොවෙහි ඇතිවන ඵලය. (පි. 319)

දිට්ඨන්ත

පු. දෘෂ්ටාන්තය, උදාහරණය. (පි. 319)

දිට්ඨපද

න. දක්නා ලද පදය. (පි. 319)

දිට්ඨප්පත්ත

පු. දිට්ඨිප්පත්ත, දෘෂ්ටිප්‍රාප්තයා. (පි. 319)

දිට්ඨමත්තක

පු. දෘෂ්ටමාන මිත්‍රයා. (පි. 319)