සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 521

දුස

√ ද්වේෂයෙහි - දුස්සති, ද්වේෂ කරයි.
√ භු. අප‍්පීතියං, අප්‍රීතියෙහි, දුස්සති, පදුස්සසි, ප්‍රීති නොකරයි. (පි. 323)

දුස්ස

න. වස්ත්‍රය, පිළිය. (පි. 323)

දුස්සක

න. වැරදි කිරීම, අවනම්බු කිරීම. (පි. 323)

දුස්සති

ක්‍රි. දුස+ √ භු. +ති දූෂ්‍ය කෙරෙයි. (පි. 323)

දුස්සන

න. දූෂ්‍යවීම, දූෂ්‍ය කිරීම. (පි. 323)

දුස්සනීය

ති. ක්‍රෝධ බහුල, කිපෙන සුළු. (පි. 323)

දුස්සස්ස

න. සස්‍ය විනාශවී යාම. (පි. 323)

දුස්සික

පු. රෙදි වෙළෙන්දා. (පි. 323)

දුස්සිල

පු. සිල් නැති, දූෂ්‍ය වූ සිල ඇත්තා. (පි. 323)

දුස්සිලමල

න. දුස්සීලමලය, දුසිල් මල. (පි. 323)

දුස්සිල්‍ය

න. දුස්සීලභාවය, සිල්නැති බව. (පි. 323)

දුසිත

ති. කිළිටු. (පි. 323)

දුහ

√ භු. දෙවීමෙහි - පිරවීමෙහි, දොහති, දුහයති, පුරවයි, දොවයි.
√ භු. ඉච්ඡායං, කැමැත්තෙහි, දුහති. (පි. 323)

දුහද

පු. සතුරා. (පි. 323)

දුහි

√ භු. පීඩාවෙහි, දුහති, පීඩාවෙයි. (පි. 323)

දුහිණ

පු. බ්‍රහ‍්මයා. (පි. 323)

දුහිතු

ඉ. දුවනිය, දුහිතෘ, දූ. (පි. 323)

දූත

පු. පණිවිඩ කරන්නා, සන්දේශහාරකයා. (පි. 323)

දූතෙය්‍ය

න. දූතකම, පණිවිඩ ගෙනයෑම. (පි. 323)

දූර

න. දුර ඈත. (පි. 323)

දූරා

අ. දූරාර්ථයෙහි. (පි. 323)

දූසක

ති. වැරදි සහිත, දොස් සහිත. (පි. 323)

දූසන

න. දෝෂය. (පි. 323)

දූසිත

ති. දූෂ්‍යවන ලද, කිළිටු කළ, අප්‍රිය. (පි. 323)