සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 522
දූසී
පු. මහමඟ සොරා. (පි. 323)
දූසෙති
දුස √ චු. නාසෙ, (නැසීමෙහි +ණ+ති) නසයි. (පි. 323)
දූහන
න. සොරකම් කිරීම, අවනම්බු කිරීම, කිරි දොවීම, කිරි භාජන වලට පිරවීම. (පි. 323)
දෙ
√ භු. රක්ෂාකිරීමෙහි, දායති, රක්ෂා කරයි.
√ භු. රැකීමෙහි, දායති, රකියි.
√ භු. සොධනෙ, සුද්ධ කිරීමෙහි, දායති, සුද්ධ කරයි. (පි. 324)
දෙක
√ භු. කංඛායං, සැක කිරීමෙහි, දෙකති, සැක කරයි.
√ භු. සද්දෙ, ශබ්දය, උත්සාහය, දෙකති, ශබ්ද කරයි. (පි. 324)
දෙච්ච
පු. අසුරයා. (පි. 324)
දෙච්චාරී
පු. අසුර ශතෘ, විෂ්ණු. (පි. 324)
දෙජ්ඣ
ති. බෙදූ, බෙදන ලද. (පි. 324)
දෙට
√ භු. පරිභාසෙ, පරිභාෂණයෙහි, දෙටති, පරිභාෂා කරයි. (පි. 324)
දෙඩ්ඩුහ
පු. දියබරියා, දියනයි හිස වැනි කාය බන්ධනය. (පි. 324)
දෙණ්ඩිම
පු. පණාබෙර. (පි. 324)
දෙතෙය
පු. තෙදත්ය අසුරයා. (පි. 324)
දෙය්ය
ති. දියයුතු. (පි. 324)
දෙය්යධම්ම
න. තෑග්ග, දිය යුතු වස්තුව. (පි. 324)
දෙව
පු. විශුද්ධි දේව සම්මුතිදෙවාදීහු මෙසය, මරණය, ආකාශය. (පි. 324)
දෙවකාය
පු. දේව සමූහයා. (පි. 324)
දෙවකීනන්ද
පු. විෂ්ණු. (පි. 324)
දෙවකුසුම
න. ලවඟ, කරාඹුනැටි. (පි. 324)
දෙවචාරික
පු. දෙව්ලොව චාරිකාව. (පි. 324)
දෙවඤ්ඤු
පු. නැකත් දත්තා. (පි. 324)
දෙවත
න. දෙවි. (පි. 324)
දෙවතා
ඉ. දෙවියා, දෙව්දුව, සුරංගනාව. (පි. 324)
දෙවතාඩ
පු. දෙවදාලිය, පු. දේවදාර. (පි. 324)
දෙවතාවාස
පු. දේව ප්රාසාදය, දේවස්ථානය, දෙව්ලොව. (පි. 324)