සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 575

පච්චුට්ඨාති

ක්‍රි. (√ භු. ඨා, ගතිවුත්තියං, යෑමෙහි +පති+ට්ඨා+ති) එළඹ සිටියි, පැමිණ සිටී. (පි. 350)

පච්චුට්ඨාන

න. එළඹ සිටීම, උපස්ථානයට පැමිණීම. (පි. 350)

පච්චුඨිත

ති. එළඹ සිටින ලද, උපස්ථාන කල. (පි. 350)

පච්චුත්තරණ

න. එතෙර වීම, එගොඩ වීම, පරතීරයට යාම. (පි. 350)

පච්චුත්තරති

ක්‍රි. (√ භු. තර, තරණෙ, එතෙර වීමෙහි +පති+තර+ති) එතෙර වෙයි, එගොඩ වෙයි. (පි. 350)

පච්චුද්ධාර

පු. (පති+උද්ධාර) ඉගිලීම, ඉදිරීම. (පි. 350)

පච්චුද්ධාරණ

න. ඉදිරීම. (පි. 350)

පච්චුදාවත්තති

ක්‍රි. (√ භු. වත්ත, වත්තනෙ, පැවතීමෙහි +පති+වත්තති) ප්‍රත්‍යූදාහරණ කරයි. (පි. 350)

පච්චුදාවත්තන

න. උඩට ඒම, උදාවර්‍තනය. (පි. 350)

පච්චුදාහරණ

න. උදාහරණයකට අනුව උදාහරණ කීම, සාධක දැක්වීම. (පි. 350)

පච්චුදාහරති

ක්‍රි. (√ භු. හර, හරණෙ, ගෙන යෑමෙහි +පති+උදාහරති) ප්‍රත්‍යුදාහරණ කරයි. (පි. 350)

පච්චුපට්ඨහති

ක්‍රි. (√ භු. ඨා, ගතිනිවුත්තියං, යෑමෙහි +පති+උප+ට්ඨා+ති) උපස්ථාන කෙරෙයි. (පි. 350)

පච්චුපට්ඨාන

න. උපස්ථාන කිරීම, ළඟට පැමිණීම. (පි. 350)

පච්චුපට්ඨාපෙති

ක්‍රි. (√ භු. ඨා, ගතියං, යෑමෙහි +පති+උපට්ඨා+ණෙති) එළඹ සිටී. (පි. 350)

පච්චුපදිස්සති

ක්‍රි. (√ භු. දිස, පෙක්ඛණෙ, දැකීමෙහි, පති+උප+දිස+ති) දක්වයි, උදාහරණ කරයි. (පි. 350)

පච්චුපලක්ඛන

න. ගරු සරු ඇති බව, ගෞරවය ඇති බව. (පි. 350)

පච්චුප්පන්න

න. වර්‍තමානය, පවත්නා කාලය. (පි. 350)

පච්චුපෙති

ක්‍රි. (√ චු. උප, පජ්ජනෙ, පැමිණීමෙහි +ණෙ+ති) පැමිණෙයි. (පි. 350)

පච්චුය්‍යුයාති

ක්‍රි. (√ භු. යා, ගතියං, යෑමෙහි +පති+උ+යා+ති) ඉදිරියට යෙයි. (පි. 350)

පච්චුස

පු. ප්‍රත්‍යුෂය, අළුයම, ඉතා උදය කාලය. (පි. 350)

පච්චූහ

පු. විස්ණය. (පි. 350)

පච්චෙක

න. වෙන වෙනම. (පි. 350)

පච්චෙකබුද්ධ

පු. පසේබුදු රජ. (පි. 350)

පච්චෙකමුනි

පු. පසේබුදු රජ. (පි. 350)