සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 596

පණ්නි

ඉ. පණ්නියුපෙල, පේලිය. (පි. 364)

පණ්හි

ඉ. තෘෂ්ණාව, විලුඹ්‍ (පි. 360)

පණ්හිකා

ඉ. විලුඹ. (පි. 360)

පණ්‍යවීථිකා

ඉ. සල්පිල, වෙළඳාම් පොල, වෙළඳ වීථිය. (පි. 360)

පණාද

පු. උත්තමනාදය, එනම් රජ. (පි. 364)

පණාදෙති

ක්‍රි. (√ භු. නද, උන්නාදෙ, නාද කිරීමෙහි +ණෙ+ති), නදදෙයි. (පි. 364)

පණාම

පු. ප්‍රණාමය, නමස්කාරය.
ති. පැහැර කිරීම. (පි. 360)

පණාමිත

පු. ප්‍රණමිත, නමස්කාර කළ. (පි. 360)

පණාලිකා

ඉ. පයිප්පය, බටය, දිය බසිනා මග, කාණුව. (පි. 364)

පණාලී

ඉ. ප්‍රණාලී, පීල්ල, සොරොව්ව. (පි. 360)

පණිධහති

ක්‍රි. පිහිටුවයි, නිධාන් කෙරෙයි. (පි. 360)

පණිධාන

න. ප්‍රාර්ථනාව, පැතීම. (පි. 360)

පණිධි

ඉ. ප්‍රණධිය, ප්‍රාර්ථනාව, චරපුරුෂයා (පි. 360)

පණිධිකම්ම

න. දෙව්දේවතාවුන්ට බාර වූ පරිදි කටයුතු කිරීම. (පි. 364)

පණිපාත

පු. ප්‍රණිපාතය, වැඳීම. (පි. 360)

පණිපාතික

පු. ප්‍රණිපාත කළ, නමස්කාර කළ තැනැත්තා. (පි. 360)

පණිය

ති. විකිණිය යුතු බඩු, වෙළඳ බඩු. (පි. 360)

පණිහිත

ති. නිධන් කළ. (පි. 360)

පණීත

න. ප්‍රණීත, මිහිරි, නිර්වාණය.
ති. ප්‍රණීත, මධුර වස්තු, මිහිරි දෙය. (පි. 360)

පණීතක

ති. ප්‍රණීත, මධුර, මිහිරි. (පි. 360)

පණීතධාතු

ඉ. ප්‍රණීත ධාතුව, නවලෝකෝත්තර ධර්මය. (පි. 360)

පණුදති

ක්‍රි. (√ භු. නුද, ඛෙපණෙ, ක්ෂෙපණයෙහි +ති +ණුද+ති), පහකෙරෙයි, කම්පා කෙරෙයි. (පි. 364)

පණුදන

න. කම්පාකිරීම, මහත්කොට චලනය කිරීම. (පි. 360)

පණුදීත

ති. පැණයන ලද, කව්කළ. (පි. 364)