සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 600

පතිමණ්ඩිත

ප්‍රතිමණ්ඩිත, සැරසුනු. (පි. 362)

පතිමා

ඉ. ප්‍රතිමාව, පිළිබිඹුව. (පි. 362)

පතිමාන

පු. බුහුමන් කිරීම, සත්කාරය. (පි. 362)

පතිමානෙති

ක්‍රි. (√ භු. මාන, පූජායං, පිදීමෙහි +ණෙ+ති), බුහුමන් කරයි, සත්කාර කරයි. (පි. 362)

පතිරූප

ති. සුදුසු, ප්‍රතිරූපය, සමාන රූපය. (පි. 362)

පතිරූපං

අ. ස්වීකාරයෙහි සුදුසු. (පි. 362)

පතිරූපදෙස

පු. සුදුසු ප්‍රදේශය, තුනුරුවන් පිහිටි දේශය. (පි. 362)

පතිලීන

පු. සැඟවීම. (පි. 362)

පතිසල්ලින

පු. ඵලසමවත, ඵලසමාපත්තිය, ඒකීභාවය. (පි. 362)

පතිසල්ලීයන

න. ඵලසමවතින් වසන. (පි. 362)

පතිස්සත

පු. නුමුලා සිහි ඇත්තා. (පි. 362)

පතිස්සති

ඉ. එළඹසිටි සිහිය. (පි. 362)

පතිස්සය

පු. ගෙය, ගෘහය. (පි. 362)

පතිස්‍යාරොග

න. ප්‍රතිශ්‍යා රෝගය, හෙම්බිරිස්සාව. (පි. 362)

පතිසිරා

ඉ. තිරය, කඩතුරාව, වසනලද වස්ත්‍රය. (පි. 362)

පතිහාස

පු. කණේරු ගස. (පි. 362)

පතීක

පු. ශරීරාවයව. (පි. 362)

පතීචි

ඉ. පශ්චිම දිශාව, අපර දිශාව, බස්නාහිර දිශාව. (පි. 362)

පතීර

න. ඉවුර, එතෙර. (පි. 362)

පතෙය්‍ය

ති. කසාද බැඳීමට සුදුසු. (පි. 362)

පතොද

පු. කැවිට, කෙවිට, සබුක්කුව. (පි. 362)

පතොදක

පු. කෙවිට, කසය. (පි. 362)

පතොලි

ඉ. විථිය, වීදිය. (පි. 362)

පථ

√ චු. පාකම්ම, ප්‍රකට බවෙහි, පථති, ප්‍රකට වෙයි.
√ භු. ගමනෙ, යාමෙහි, පථති, යෙයි.
පු. මාර්ගය, පාර. (පි. 362)