සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 604
පපතණ
න. වැටීම. (පි. 364)
පපතති
ක්‍රි. (√ භු. පත, පතනෙ, වැටීමෙහි +ති = ප+පපති), හෙයි, වැටෙයි. (පි. 364)
පපති
ක්‍රි. (√ භු. පත, පතනෙ, වැටීමෙහි +ති ප+පති), වැටේ, පතිත වෙයි. (පි. 364)
පපතික
පු. වැටෙන්නා, පතිතවන්නා. (පි. 364)
පපද
පු. පාදාග්රය, පතුලේ කෙළවර. (පි. 364)
පප්ඵට
පු. පැපිලිය. (පි. 365)
පප්ඵාස
න. පපුමාංසය. (පි. 365)
පප්ඵොටණ
න. කුල්ලේ පෙලීම, ගසා දැමීම. (පි. 365)
පප්ඵොටි
පු. පැපිලිය. (පි. 365)
පප්ඵොටෙති
ක්‍රි. (√ භු. ඵුට, විකසනෙ, විකාසයෙහි +ණෙ+ති), පොලයි. (පි. 365)
පපා
ඉ. පැන් ශාලාව, පැන්හල. (පි. 364)
පපාත
පු. ප්රපාතය, පර්වත ප්රණතය, පර්වත පල්ලම. (පි. 365)
පපාතී
පු. ප්‍රපාතයට වැටෙන්නා, පහතට වැටෙන්නා. (පි. 365)
පපීතාමහ
පු. මී මුත්තා, මුත්තගේ පියා. (පි. 365)
පපීලිත
ති. පරණවූ, වැහැරී ගිය, සොරකම් කළ. (පි. 365)
පපුණ්ණාග
පු. තුවර, තෝර. (පි. 365)
පපුත්ත
පු. මුණුපුරා, දුවගේ හෝ පුතාගේ පුතා. (පි. 365)
පපුප්ඵක
න. ත්රෛභූමිකවෘතය (පි. 365)
පබන්ධ
පු. ප්‍රබන්ධය, ගද්‍ය පද්‍ය වශයෙන් ද්විධ වූ ප්‍රබන්ධය. (පි. 365)
පබන්ධකප්පනා
ඉ. ප්රබන්ධයෙන් කල්පිත වූ කාදම්බරී අත්තනගලුවංසාදී කාව්‍ය විශේෂය. (පි. 365)
පබල
පු. ප්‍රබල, මහත් බලය, අධික බලය. (පි. 365)
පබ්බ
√ භු. ගමනෙ, යාමෙහි, පබ්බති, යෙයි.
පු. පර්ව, සන්ධිය, පුරුෂ, ථිති විශේෂ.
√ භු. පූරණෙ, පිරීමෙහි, පබති, පුරය. (පි. 365)
පබ්බජති
ක්‍රි. (√ චු. වජ, ගතියං, යෑමෙහි +ති), (ප+වජති) පැවිදි වෙයි. (පි. 365)
පබ්බජන
න. පැවිදිවන, තපසට යාම. (පි. 365)