සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 605

පබ්බජ්ජා

ඉ. ප්‍රවෘජ්‍යාව, පැවිදිවීම, පැවිද්ද, මහණවීම. (පි. 365)

පබ්බජිත

ති. පැවිදිකළ, මහණකළ.
ති. පැවිද්ද, පැවිදිවන ලද. (පි. 365)

පබ්බත

පු. පර්වතය, කන්දය. (පි. 365)

පබ්බතක

පු. පර්වතයක්, කන්දක්. (පි. 365)

පබ්බතෙය්‍ය

ති. පර්වතයෙහි නියුක්ත, හැසිරෙන. (පි. 365)

පබ්බාජන

න. නෙරපීම, රටෙන් නෙරපීම, පිටුවහල් කිරීම. (පි. 365)

පබ්බාජනිය

න. ශාසනයෙන් නෙරපිය යුතු විනය කර්මයක්, චූදිතයා. (පි. 365)

පබ්බාජෙති

ක්‍රි. (√ භු. වජ. ගතියං, යාමෙහි +ණෙ+ති), පැවිදි කරවයි. (පි. 365)

පබ්බෙධ

ති. පසාකරගෙන යන. (පි. 365)

පබ්භාර

පු. පල්ලම, පර්වතප්‍රපාතය. (පි. 365)

පබාහති

ක්‍රි. (√ භු. බාහ, නිවාරණෙ, වැලැක්මෙහි +ති), වලක්වයි. (පි. 365)

පබාළ්හ

පු. ඉතා දැඩි. (පි. 365)

පබාළ්හති

ක්‍රි. (√ භු. බහ, වුද්ධියං, වැඩීමෙහි +ති), දැඩි කරයි. (පි. 365)

පබුජ්ඣති

ක්‍රි. (√ දි. බුධ, බොධනෙ, පිබිදීමෙහි +ති=ප+බුජ්ඣති), පිබිදෙයි. (පි. 365)

පබුජ්ඣන

න. පිබිදීම. (පි. 365)

පබුජ්ඣිත

ති. පිබිදෙන ලද. (පි. 365)

පබුද්ධ

පු. අවබොධ කළ, පිබිදුනු. (පි. 365)

පබොධ

පු. ප්‍රබෝධය, අවබෝධය. (පි. 365)

පබොධති

ක්‍රි. (√ දි. බුධ, බොධනෙ, පිබිදීමෙහි +ති), ප්‍රබෝධ කරයි. (පි. 365)

පබොධන

න. ප්‍රබෝධය. (පි. 365)

පභ

ති. රශ්මිය, ප්‍රභාව, ආලෝකය. (පි. 365)

පභග්ග

ති. විනාශ කළ, කැඩුනු, පැරදුනු. (පි. 365)

පභඞ්කර

ආලෝක කරන්නා, හිරු. (පි. 365)

පභඞ්ග

ති. කැඩෙන, බිඳෙන. (පි. 365)