සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 603
පදෙසන
න. ත්යාගය, හුන්තැනට යවන පඬුර. (පි. 363)
පදෙසිත
ති. ප්රදේශයට අයත්, කොටසකට අයත්. (පි. 363)
පදොස
පු. වෙසොත්පත්තිය, රාතිමුඛය, සැන්දෑව, සැන්දෑ කාලය, සවස් කාලය. (පි. 363)
පදොසික
ති. දූෂ්ය කරන්නා. (පි. 363)
පදොසී
ති. දූෂ්ය කරන්නී, දුෂ්ඨකම් කරන්නී. (පි. 363)
පදොසෙති
ක්රි. (ප+දුසෙති) දූෂ්ය කෙරෙයි.
ක්රි. (√ චු. දුස, නාසෙ, නැසීමෙහි +ති), ද්වේෂ කෙරෙයි. (පි. 363)
පධංසති
ක්රි. (√ භු. ධංස, ධංසනෙ, දැවීමෙහි +ප+ධංස+ති), නසයි, දවයි. (පි. 364)
පධාන
පු. ප්රධාන, පළමුවන, ප්රමුඛ. (පි. 363)
පධානවන්තු
පු. ප්රධානයා, ප්රථමයා. (පි. 364)
පධානික
පු. ප්රධානයාට අයත්. (පි. 364)
පධානිය
පු. පළමුවෙනියා, ප්රධාන තැනැත්තා. (පි. 364)
පධාරිත
ති. දරණලද, උසුලන ලද. (පි. 364)
පධාවති
ක්රි. (√ භු. ධාවු, ගතියං, යෑමෙහි +ති ප+ධා+ව+ති), දුවයි, ධාවනය කරයි. (පි. 364)
පධාවි
පු. දුවන්නා, දුවන තැනැත්තා. (පි. 364)
පධි
ඉ. රථයෙහි නිම්වලල්ල, කරත්ත පට්ටම. (පි. 364)
පධුපති
ක්රි. (√ චු. ධූප, ධූපෙ, දුම් ගැසීමෙහි +ති ප+ධූ+ප+ති), අතිශයින් දුමයි, අතිශයින් දුම් ගසයි. (පි. 364)
පධුපිත
ති. දුම්ගසන ලද. (පි. 364)
පධොත
ති. සෝදන ලද, පිරිසිදු කළ. (පි. 364)
පප
න. ජලය, වතුර, “ආපං පපං මහොදකංති වුච්චති.” (පි. 364)
පපච්චති
ක්රි. (√ භු. පච, පාකෙ, පිසීමෙහි +ති), පිසියි. (පි. 364)
පපඤ්ච
පු. ප්රපඤ්ච, තෘෂ්ණාදි පපඤ්චය, උත්තරය. (පි. 364)
පපඤ්චණ
න. ප්රමාදය. (පි. 364)
පපඤ්චති
ක්රි. ප්රමාද කරයි. (පි. 364)
පපඤ්චෙති
ක්රි. (√ චු. බ්යත්තීකරෙ, ප්රමාදයෙහි +ණෙ+ති), ප්රමාද කරයි. (පි. 364)