සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 617

පරිත්තායති

ක්‍රි. (√ දි. තා. පාලනෙ, ආරක්ෂා කිරීමෙහි +ති පරි+තායති), ආරක්ෂා කෙරෙයි. (පි. 371)

පරිත්‍යාග

ති. පරිත්‍යාගය, දානය. (පි. 370)

පරිතාප

න. තැවීම, දාහය.
පු. තැවීම.
පු. තාපය, බලවත් තැවුලිය. (පි. 371)

පරිතාපන

න. මහත්තැවීම. (පි. 371)

පරිතාපෙති

ක්‍රි. (√ භු. තප, සංතාපෙ, තැවීමෙහි +ති පරි+තා+පෙති), තවයි.
ක්‍රි. √ භු. තප, තාපනෙ, තැවීමෙහි +ණෙ+ති), තවයි. (පි. 371)

පරිතො

අ. හාත්පසින්, වටේට. (පි. 371)

පරිතොසන

න. සතුට, සන්තෝෂය. (පි. 371)

පරිතොසෙති

ක්‍රි. (√ දි. තුස, තුට්ඨියං, සතුටෙහි +ණෙ+ති පරි+තොසෙති), සතුටු කෙරෙයි. (පි. 371)

පරිදණ්ඩ

පු. දණ්ඩනය, දඬුවම. (පි. 371)

පරිදමන

න. දමනය කිරීම. (පි. 371)

පරිදමිත

දමනය කළ, හික්මවන ලද. (පි. 371)

පරිදමෙති

ක්‍රි. (√ භු. දම, දමනෙ, දැමීමෙහි +ති පරි+දමෙ+ති), දමනය කරයි. (පි. 371)

පරිදහති

ක්‍රි. (√ භු. දහ, භස්මීකරණෙ, අළු කිරීමෙහි +ති), දවයි, දාහකරයි. (පි. 371)

පරිදහන

න. දැමීම, දාහය, පිළිස්සීම. (පි. 371)

පරිදහිත

ති. දවන ලද, අච්ඡාදනය කරන ලද. (පි. 371)

පරිදහිත්වා

දවා, හැඳ, පරිච්ඡාදනය කොට. (පි. 371)

පරිද්දෙව

පු. විලාපය, හැඬීම. (පි. 371)

පරිදාහ

පු. දාහය, දැවිල්ල, තැවිල්ල. (පි. 371)

පරිදීපක

පු. දැක්වීම, දක්වන්නා. (පි. 371)

පරිදීපන

න. දැක්වීම, පෙන්නීම. (පි. 371)

පරිදීපිත

ති. දක්වන ලද, පෙන්නුම් කරන ලද. (පි. 371)

පරිදීපෙති

ක්‍රි. (√ දි. දීප, දිත්තියං, දීප්තියෙහි +ණෙ+ති), දක්වයි, පෙන්නුම් කරයි. (පි. 371)

පරිදුසිත

ති. කෙළසන ලද, දූෂ්‍ය කළ. (පි. 371)

පරිදුසෙති

ක්‍රි. (√ දි. දුස, අප්පිතියං, අප්‍රීතියෙහි +ති), දූෂ්‍ය කෙරෙයි. (පි. 371)