සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 624

පරියාපුන්න

න. උද්ග්‍රහණය, ඉගෙනීම. (පි. 374)

පරියාපුනාති

ක්‍රි. (√ භු. පුන, සංසාතෙ, නැසීමෙහි +ති), හදාරයි, ඉගෙන ගනියි. (පි. 374)

පරියාය

පු. හේතුව, කාරණය, දේශනා, වාරවේවචන, සමානාර්ථ ශබ්දය, ප්‍රකාර ප්‍රස්තාව. (පි. 374)

පරියාහත

ති. නසන ලද, විනාශ කළ. (පි. 374)

පරියාහන්ත

න. ගැසීම, තැලීම. (පි. 374)

පරියිට්ඨි

න. පිදීම, සෙවීම.
ඉ. පුදන ලද = යාගකළ. (පි. 374)

පරියුක්කණ්ඨති

ක්‍රි. (√ භු. කඨි, සොසනෙ, වියලීමෙහි +ති), කලකිරෙයි. (පි. 374)

පරියුට්ඨාන

න. නැගී සිටීම. (පි. 374)

පරියුට්ඨිත

න. නැගී සිටින ලද = අලස භාවයෙන් තුරන්වන ලද. (පි. 374)

පරියුට්ඨිති

ක්‍රි. (√ භු. ඨා. ගනිතිවුත්තියං, ගතිපැවතුම්හි +ති), නැගිටියි, නැගී සිටියි. (පි. 374)

පරියුදාහරති

ක්‍රි. (√ භු. හර, හරණෙ, හැරීමෙහි, පරි+උ+ආ+හර+ති), උදාහරණ කරයි. (පි. 374)

පරියෙට්ඨි

ඉ. සෙවීම, පරියෙසනය. (පි. 374)

පරියෙසති

ක්‍රි. සොයයි, පරියෙසනය කරයි. (පි. 374)

පරියෙසනා

ඉ. සෙවීම, නිරීක්ෂණය. (පි. 374)

පරියෙසිත

ඉ. සොයන ලද = නිරීක්ෂණය කළ. (පි. 374)

පරියොග

පු. යෙදීම, එකාබද්ධවීම, (මජ්ඣිම, මජ්ඣිමපණ්ණාසක. 4 වර්ග 1 සූත්‍රය හෙවත් ඝටිකාර සූත්‍රය සහ අටුවාව බලන්න) (පි. 374)

පරියොගහති

ක්‍රි. (√ භු. ගහ, උපාදානෙ, ගැනීමෙහි +ති), බැසගනී, ඇතුළත් වෙයි. (පි. 374)

පරියොගාහ

ඇතුළත්වීම, බැස ගැන්ම. (පි. 374)

පරියොගාහන

ඇතුළත්වන = බැසගන්නා. (පි. 374)

පරියොගාළ්හ

පු. ඇතුළත්වන ලද = බැස ගන්නා ලද. (පි. 374)

පරියොත්ථරති

ක්‍රි. (√ භු. ථර, සංතරණෙ, එගොඩවීමෙහි +ති), යටත් කෙරෙයි. (පි. 374)

පරියොදපන

න. පිරිසිදු කිරීම, සුද්ධ කිරීම. (පි. 374)

පරියොදපිත

ති. පිරිසිදු කළ, ශුද්ධ කළ. (පි. 375)

පරියොදපෙති

ක්‍රි. (√ භු. දා. සුද්ධියං, ශුද්ධියෙහි +ණෙ+ති), පිරිසිදු කරයි. (පි. 374)