සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 639

පාජාපෙති

ක්‍රි. (√ චුග පජ, ගතියං, යෑමෙහි + ණෙ+ති), පදවයි. (පි. 381)

පාජෙති

ක්‍රි. (√ චු. පජ, ගතියං, යෑමෙහි + ණෙ+ති), පදියි. (පි. 381)

පාටංකි

ඉ. පල්ලක්කිය, ඤ්ජාම. (පි. 381)

පාටල

පු. පලොල් මල් පැහැය වැනි සුදුමුසු රත් පැහැය. (පි. 381)

පාටලී

ඉ. පලොල් ගස. (පි. 381)

පාටලීපුත්ත

පැලලුප් නුවර, පාටලීපුත්‍ර නගරය. (පි. 381)

පාටව

අ. දක්ෂ, සමර්‍තව. (පි. 381)

පාටිකංඛී

ඉ. කැමති විය යුත්තී. (පි. 381)

පාටිකඞ්ඛා

ඉ. කැමතිවිය යුත්තී, අභිලාසා ඇත්තී. (පි. 381)

පාටිකා

ඉ. සඳකඩ පහන, අර්ධ චන්ද්‍රාකාරයෙන් කළ ගල්ලෑල්ල. (පි. 381)

පාටිකුලතා

ඉ. පිළිකුල් බව, අරුචි බව. (පි. 381)

පාටිකුල්ලිය

පිළිකුල, අරුචිය. (පි. 381)

පාටිදෙසනීය

දෙසිය යුතු, දේශනා කටයුතු. (පි. 381)

පාටිපද

පු. පැළවිය, දෙවෙනි ථිතිය, දෙවෙනිදා, පාක්ෂයාගේ දෙවෙනි දවස. (පි. 381)

පාටිපලක

න. පෑලවිය. (පි. 381)

පාටිපාදික

පු. පෑලවියට අයත්, පෑලවිය. (පි. 381)

පාටිපුග්ගලික

.ි- පුද්ගලයන්ට අයත්, තම තමන්ට අයත්. (පි. 381)

පාටිපෙක්ක

පු. වෙන වෙන, එක එකා පිළිබඳ. (පි. 381)

පාටිභොග

පු. ඇපය, කෙනෙක් වෙනුවට ඇපවීම. (පි. 381)

පාටිමොක්ඛ

පු. ප්‍රාතිමොක්ෂය, පාමොක්. (පි. 381)

පාටිරූපක

ති. ප්‍රතිරූපයට අයත්. (පි. 382)

පාටිරූපික

ති. වංචාකාර, වෙස්වලාගත්. (පි. 381)

පාටිහාර

පු. ප්‍රාතිහාර්‍ය්‍ය, පෙළහර, ආශ්චර්‍ය්‍ය. (පි. 381)

පාටිහාරික

පු. ප්‍රාතිහාර්‍ය්‍යෙන් යුත්.
පු. ආශ්චර්‍ය්‍යෙන් යුත්, ප්‍රාතිහාර්‍ය්‍යෙන් යුත්. (පි. 382)