සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 704

මණ්ඩූකපණ්ණී

ඉ. වැල් මදට. (පි. 415)

මණි

පු. මහසැලිය, කල්දේරම, මැණික, ගල. (පි. 415)

මණික

න. මහසැලිය. (පි. 415)

මණිකා

ඉ. මහසැලිය. (පි. 415)

මණිකුණ්ඩල

න. මිණිකොඬල, මාණික්‍ය කුණ්ඩලාභරණය. (පි. 415)

මණිබන්ධ

පු. මිණිබහන, මැණික්කට්ටුව, අත්කර අන්තය. (පි. 415)

මණිවෙධ

පු. මැණික් විදිනාකටුව. (පි. 415)

මත

ති. මළාහු, දන්නා ලද දැනගත්. (පි. 415)

මතක

පු. මළවුන්ට අයිති, මළවුන් සතු. (පි. 415)

මතකභත්ත

න. මළවුන් පිණිස දෙන දානය මතක බත. (පි. 415)

මත්ත

ති. තුෂ්ටිප්‍රාප්තයා, කාමීහු.
න. ස්වල්පය, නියමය, ප්‍ර‍මාණය. (පි. 415)

මත්තක

පු. ඉතා ස්වල්පය, කුඩා ප්‍ර‍මාණය. (පි. 415)

මත්තකාසිනී

ඉ. උතුම් ස්ත්‍රී. (පි. 415)

මත්තඤ්ඤූ

පු. මාත්‍ර‍ඥයා, පමණ දන්නා තැනැත්තා. (පි. 415)

මත්තණ්ඩ

පු. මාර්තණ්ඩ, හිරු. (පි. 415)

මත්තසො

අ. ප්‍ර‍මාණ වශයෙන්, කොටස් වශයෙන්. (පි. 415)

මත්තා

ඉ. ප්‍ර‍මාණය, ඓශ්චර්‍ය්‍යය, අක්ෂර මාත්‍රාව, ස්වල්පය. (පි. 415)

මත්ති

ඉ. මවට අයත්, මවුසතු. (පි. 415)

මත්තිකා

ඉ. මැටි, මෘත්තීකා. (පි. 415)

මත්තිකාඛණ්ඩ

න. මැටිකැට මැටි ගුළි. (පි. 415)

මත්තිකාහෙද

පු. මැටිවර්‍ග, කදාමැටි. (පි. 415)

මත්තෙය්‍ය

පු. මවට හිත, මවට කැමති. (පි. 415)

මත්තෙය්‍යකා

ඉ. මවට උපස්ථාන කරන බව. (පි. 415)

මත්ථ

න. කැවුම් වර්‍ගයක්, කළඹන දණ්ඩ. (පි. 415)