සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 703

මඤ්ජෙට්ඨි

ඉ. මදටිය. (පි. 414)

මඤ්ඣිට්ඨා

ඉ. වැල්මදට. (පි. 414)

මඤ්ඤතා

ඉ. හැඟීම, දැනීම. (පි. 414)

මඤ්ඤති

ක්‍රි. (√ භු. දි. මන, ඤාණෙ, ඤාණයෙහි +ති) හඟියි. (පි. 414)

මඤ්ඤෙ

ක්‍රි. හඟිම්, සිතම්. (පි. 414)

මට්ට

පු. විනිවිද යන පාර, පහර. (පි. 414)

මට්ඨ

ති. මට = සිලිට්ඨ, මට්ටම. (පි. 414)

මඨ

√ භු. සොකෙ, සොකයෙහි, මඨති, සොකකරයි.
√ භු. වාසෙ, වාසයකිරීමෙහි, මඨති, වසයි. (පි. 414)

මඩි

√ භු. මණ්ඩනෙ, පිරිසිදු කිරීමෙහි, මණ්ඩති, සැරසෙයි.
√ භු. වෙඨනෙ, වෙළීමෙහි, මණ්ඩති, වෙළයි.
√ චු. මණ්ඩන තුට්ඨිසු, සැරසීමෙහි සතුටෙහි, මණ්ඩෙති, මණ්ඩයති, සැරසෙයි, සතුටු වෙයි. (පි. 414)

මණ

√ භු. සද්දෙ, ශබ්දකිරීමෙහි, මණති, ශබ්දකරයි.
√ භු. චාගෙ, පරිත්‍යාගයෙහි, මණති, පරිත්‍යාග කෙරේ, වෙරමණී. (පි. 415)

මණ්ඩ

√ භු. මණ්ඩනෙ, සැරසීමෙහි, මණ්ඩති, සරසයි.
පු. අග්‍ර‍රසය, කාඩිවතුර. (පි. 415)

මණ්ඩකප්ප

පු. සුන්දරකල්පය, බුදුවරයන් පහළවන කල්පය. (පි. 415)

මණ්ඩති

ක්‍රි. සැරසෙයි, අලඞ්කාර වෙයි. (පි. 415)

මණ්ඩන

න. ආභරණය, සැරසීම. (පි. 415)

මණ්ඩප

න. මඩුව. (පි. 415)

මණ්ඩල

න. ග්‍රාමසමූහය, චන්ද්‍ර‍සූර්‍ය්‍යාදීන්ගේ බිම්බය = පරිවෙෂය, සමූහය, මැඩිල්ල, ඉර මඩල. (පි. 415)

මණ්ඩලග්ග

පු. කඩුව. (පි. 415)

මණ්ඩලික

පු. මණ්ඩල ඇත්තා. (පි. 415)

මණ්ඩලිස්සර

පු. ප්‍රදේශරජ, පලාතක රජ. (පි. 415)

මණ්ඩලී

පු. මණ්ඩල ඇත්තා. (පි. 415)

මණ්ඩහාර

පු. වෙළෙන්දා, වාණිජයා. (පි. 415)

මණ්ඩික

ති. සැරසෙන ලද, අයිත්තම්වන ලද. (පි. 415)

මණ්ඩුක

පු. මැඩියා, ගෙම්බා. (පි. 415)

මණ්ඩුකපණ්ණ

පු. තොටිල ගස (පි. 415)