සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 705
මත්ථක
පු. හිස, කිසිල්ල, අතීත කාලය, අනාගත කාලය, මස්තකය, මතුභාගය. (පි. 415)
මත්ථනී
ඉ. මෝරු අළලන (පොඩිකරණ) භාජනය. (පි. 417)
මත්ථලුඞ්ග
න. හිස් මොළය, ඉස් මොළය. (පි. 415)
මත්ථු
න. දීපෙරලිදිය, මෝරු, දීකිරි පොඩි කිරීමෙන් ලැබෙන ජලය. (පි. 415)
මතාමහා
ඉ. ගැණුමුත්තා. (පි. 422)
මතාමහී
ඉ. ගැණුමුත්තා. (පි. 422)
මති
ති. ඉච්ඡාව, ප්රඥාව, අදහස. (පි. 415)
මතික
පු. මති ඇත්තා. (පි. 415)
මතිකත
ති. සානලද, සීසාන ලද. (පි. 415)
මතිසචිව
පු. මන්ත්රියා, ඇමතියා. (පි. 415)
මතුමන්තු
පු. ප්රඥා ඇත්තා, පණ්ඩිතයා. (පි. 415)
මථ
√ භු. මන්ථනෙ, ඇළලීමෙහි, මථති, අළලයි, කලතයි, කලඹයි. (පි. 415)
මථති
ක්රි. √ භු. මථ, විලොලනෙ, කැළඹීමෙහි +ති (මථ+ති) මථනය කරයි, කළඹයි. (පි. 415)
මථන
න. මැඬීම, පෙරළීම, මිරිකීම. (පි. 415)
මථිත
න. මෝරු.
ති. මඩනා ලද, අළලන ලද. (පි. 416)
මද
පු. ගර්වය, හස්තිමදය, මත්වීම.
√ භු. තොසෙ, සතුටුවීමෙහි, මදෙති, සතුටුවෙයි.
√ චු. තප්පනෙ, තෘප්තියෙහි, මදෙති, මදයති, තෘප්තියට පැමිණෙයි, සෑහීමට පැමිණෙයි.
√ දි. උම්මාදෙ, උමතුවීමෙහි, මජ්ජති, මත් වෙයි, උමතු වෙයි, පමජ්ජති. (පි. 416)
මදන
න. අනඞ්ගයා, කුකුරුමුවන් ගස, මත්වීම. (පි. 416)
මදනීය
ති. මත්වියයුතු. (පි. 416)
මද්ද
√ භු. මද්දනෙ මැඬීමෙහි, මද්දති. මඬියි.
පු. එනම් ජනපදය. (පි. 416)
මද්දති
ක්රි. √ භු. මද්දනෙ, මැඩීමෙහි, (මද්ද+ති) මඩියි, මිරිකයි. (පි. 416)
මද්දන
න. මැඩීම, පෙළීම. (පි. 416)
මද්දරී
ඉ. පක්ෂි විශේෂයක්. (පි. 416)
මද්දල
පු. එනම් බෙරවර්ගය. (පි. 416)
මද්දව
ති. මෘදුබව, මොළොක්බව (පි. 416)