සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 706

මද්දවතා

ඉ. ශාන්තකම, මෘදුතාවය. (පි. 416)

මද්දාලක

පු. කුරුලුවර්‍ගයක්, පක්ෂි ජාතියක්. (පි. 416)

මද්දික

ති. මඩිනා ලද, පෙළනලද. (පි. 416)

මදි

√ භු. පසංසාතොස, පමාදසයනෙසු, පැසසීම, සතුටුවීම, ප්‍ර‍මාදවීම, සයනය කිරීම යන මෙහි, මන්දති. (පි. 416)

මදිරා

ඉ. සුරා, මත්වීම. (පි. 416)

මදිරොද

පු. එනම් සමුද්‍ර‍ය. (පි. 416)

මධ්වාසව

පු. මීයෙන් කළ සුරා, මීමල් කාඩිකිරීමෙන් පෙරන සුරා. (පි. 416)

මධු

ති. මධුර, ඉෂ්ට.
න. මී. මුද්‍රික, මුද්‍රිකරසය, මල්රස, මීයෙන් කළ සුරා.
√ භු. කිලින්නෙ, තෙත් බැව්හි, මධති, තෙත් වෙයි. (පි. 416)

මධුආසව

පු. මීයෙන්කළ ආසව. (පි. 416)

මධුක

න. වැල්මී.
පු. වංශ දැන ස්තුති කරන්නා, මීගස්. (පි. 416)

මධුකර

පු. මී සාදන්නා, බඹරා (පි. 416)

මධුකා

ඉ. මධුපානය, මිහිරිපානය. (පි. 416)

මධුගණ්ඩ

න. මීවදය. (පි. 416)

මධුගන්ධ

න. මිහිරිසුවඳ, මීපැණිසුවඳ. (පි. 416)

මධුචඡිට්ඨ

න. මීපැණි. (පි. 416)

මධුට්ඨිල

පු. මීගස. (පි. 416)

මධුද්දුම

පු. මීගස. (පි. 416)

මධුප

පු. මීපානයකරන්නා, මීමැස්සා, බඹරා. (පි. 416)

මධුපටල

න. මීවදය. (පි. 416)

මධුපණ්ණි

ඉ. ඇද්දෙමට, කිඳි. (පි. 416)

මධුපිණ්ඩික

පු. මීපිඩු, මීපැණි මිශ්‍ර‍කළ විලඳ ගුළි. (පි. 416)

මධුබ්බත

පු. මධුප, මීපානයකරන්නා. (පි. 416)

මධුභාණි

පු. මී පැණි මෙන් මිහිරි කථාකියන්නා. (පි. 416)

මධුමක්ඛික

පු. මීමැස්සා. (පි. 416)