සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 707

මධුමෙහ

පු. එනම් රෝගය. (පි. 416)

මධුමෙහික

පු. මධුමෙහය ඇත්තා. (පි. 416)

මධුයට්ඨිකා

ඉ. වැල්මී. (පි. 416)

මධුර

ති. මිහිරි, ප්‍ර‍ණීත.
පු. මිහිරිරසය, ජීවක. (පි. 416)

මධුරක

පු. ජීවක නම් ඖෂධය.
න. මිහිරි පානයක් වූ මද්‍යසාරය. (පි. 416)

මධුරතා

ඉ. මිහිරිබව. (පි. 416)

මධුරසර

පු. මිහිරිස්වරය, මධුරස්වරය. (පි. 416)

මධුරස්සර

පු. මිහිරිස්වරය, මිහිරිනාදය. (පි. 416)

මධුරසා

ඉ. මොර, මිදිවැල. (පි. 416)

මධුරිපු

පු. විෂ්ණු. (පි. 416)

මධුලට්ඨිකා

ඉ. වැල්මී. (පි. 416)

මධුලාජ

න. මිහිරිධාන්‍ය. (පි. 416)

මධුලිකා

ඉ. මොරගස. (පි. 416)

මධුලිහ

පු. බඹරා, මීමැස්සා. (පි. 416)

මධුවාණිජ

පු. මීවෙළෙන්දා. (පි. 416)

මධුස්සව

ති. මීපැණියෙන් ඉතිරීයන. (පි. 416)

මන

√ භු. පත්ථරණෙ, ව්‍යාප්තියෙහි, ව්‍යාප්ත වෙයි, මනො.
√ දි. ජානනෙ, දැනීමෙහි, මඤ්ඤති, දනී.
පු. න. සිත, චිත්තය, හිත. (පි. 417)

මනං

අ. අල්පාර්‍ථයෙහි, සවල්පය, ටික, (පි. 417)

මනක්කාර

පු. මෙනෙහි කිරීම, සිහි කිරීම. (පි. 417)

මනන්තර

පු. දෙව්ලොව. (පි. 417)

මනස

න. සිත (පි. 417)

මනසිකරණ

න. මෙනෙහිකිරීම. (පි. 417)

මනසිකාර

පු. මනස්කාරය, මෙනෙහිකිරීම, සිහිකිරීම. (පි. 417)

මනසිජ

පු. අනඞ්ගයා. (පි. 417)