සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 718

මාතර

ඉ. මාතු, මව, වැදූමව. (පි. 422)

මාතලී

පු. එනම් දෙවතාවා, ශක්‍ර‍යාගේ රථාචාර්‍ය්‍ය දෙවියා. (පි. 422)

මාතාපෙත්තික

පු. මව්පියන්ට අයත්, මව්පියන් පිළිබඳ. (පි. 422)

මාතික

පු. මවට අයිති, මව් සන්තක. (පි. 422)

මාතිකා

ඉ. මාතෘකාව, ප්‍ර‍ධාන වචනය, ඇල දිය අගල. (පි. 422)

මාතිය

පු. මවට අයත්, මව්සතු. (පි. 422)

මාතු

ඉ. මව, මවගේ මව, ආච්චි. (පි. 422)

මාතුක

පු. මවට අයිති, මෑනියන් සතු. (පි. 422)

මාතුගාම

පු. මාගම, ස්ත්‍රිය, කාන්තාව. (පි. 422)

මාතුඝාතක

පු. මාතෘ ඝාතකයා, මව් මරන්නා. (පි. 422)

මාතුච්ඡා

ඉ. මව්ගේ සහෝදරී, ලොකු මව හෝ කුඩා මව. (පි. 422)

මාතුල

පු. මවගේ සහෝදරයා, මාමා. (පි. 422)

මාතුලක

පු. මයිලනුවා, අත්තන ගස. (පි. 422)

මාතුලධීතු

ඉ. මාමාගේ දුව, නෑනා. (පි. 422)

මාතුලාතී

ඉ. නැන්දනී, නැන්දා. (පි. 422)

මාතුලූඞ්ග

පු. ලප්නාරන්, නස්නාරන්. (පි. 422)

මාදිස

ති. මාවැනි, මා සමාන. (පි. 422)

මාධක

පු. විෂ්ණු. (පි. 422)

මාධවික

පු. මීයෙන් කළ සුරා. (පි. 422)

මාධවීලතා

ඉ. යොහොඹු ගස. ඉද්ද. (පි. 422)

මාන

√ භු. වීමංසනෙ, විමසීමෙහි, මානති, විමසයි.
√ චු. වීමංසනෙ පූජනෙච, විමසීමෙහි හා පිදීමෙහි, මානති, මානයති, විමසයි, පුදයි.
√ භු. පූජායං, පිදීමෙහි, මානෙති, පුදයි.
පු. මාන්නය, උන්නතිය. (පි. 422)

මානකූට

න. හොර මැනීම, වඤ්චා මානය. (පි. 422)

මානගන්ථ

පු. මානගැටය. (පි. 422)

මානත්ත

න. ගරු ඇවැත් වලට පැමිණි භික්ෂූන් විසින් පිළිපැදිය යුතු විනය කර්‍මයක්. (පි. 422)