සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 791

වලිර

පු. වපරයා, වපර බැල්ම ඇත්තා. (පි. 461)

වවකස්සති

ක්‍රි. ඉදිරියට අදියි. (පි. 461)

වවක්කට්ඨ

න. විවේකය. (පි. 461)

වවත්ථපෙති

ක්‍රි. ව්‍යවස්ථා කෙරෙයි. (පි. 461)

වවත්ථා

ඉ. ව්‍යවස්ථාව, නියමය. (පි. 461)

වවත්ථාන

න. ව්‍යවස්ථාකිරීම, වවත්ථාපනය. (පි. 461)

වවත්ථාපන

න. නියමකිරීම, ව්‍යවස්ථා පිහිටුවීම. (පි. 461)

වවත්ථාපිත

ති. ව්‍යවස්ථාකළ, ව්‍යවස්ථා පනවන ලද. (පි. 461)

වවත්ථිත

ති. ව්‍යවස්ථාකළ, නියමකළ. (පි. 461)

වවත්ථිත විහාසා

ඉ. ව්‍යවස්ථිත විභාෂා. (පි. 461)

වවත්ථෙති

ක්‍රි. ව්‍යවස්ථාකරයි. (පි. 461)

වවස්සග්ග

න. නිවන. (පි. 461)

වවස්සජන

න. හැරීම, ත්‍යාගය. (පි. 461)

වස

√ භු. දිත්තියං, බැබලීමෙහි වච්ඡති, බබලයි.
√ චු. උපවාසෙ, උපවාසයෙහි, වාසෙති, වාසයති.
√ භු. මුදුකරණෙ, මෘදුකිරීමෙහි, මෘදුකරයි.
√ සද්දෙ, ශබ්දයෙහි, වස්සති, ශබ්ද කරයි.
√ භු. වාසෙ, වාසය කිරීමෙහි, වසති, වාසය කරයි වාසො, නිවාසො.
පු. ප්‍ර‍භූ බව, අධික බව, අයිති වස්තු, අභිලාෂය.
√ චු. සිනෙහෙ, ස්නෙහයෙහි, වාසෙති, වාසයති, තෙල් ආදිය ආලේපකරයි.
√ චු. නිවාසෙ, ඇඳීමෙහි, වාසෙති, වාසයති, අච්ඡාදනය කරයි, වස්ත්‍ර‍ අඳියි. (පි. 461)

වසත

න. වස්ත්‍ර‍ය, අච්ඡාදනය, විසීම. (පි. 462)

වසති

ක්‍රි. වාසය කරයි. (පි. 462)

වසන්ත

න. එනම් සෘතුව. (පි. 462)

වසල

පු. ශුද්‍ර‍යා, රොඩියා, වසලයා. (පි. 462)

වසලක

පු. ශුද්‍ර‍යා, වසලයා, රොඩියා. (පි. 462)

වසවත්තන

න. වසඟයෙහි පවත්වන. (පි. 462)

වසවත්ති

පු. වසවර්ත්ති මාරයා, වසඟයෙහි පවත්වන්නා. (පි. 462)

වසසික

ති. වර්‍ෂාකාලයට අයත්, වර්‍ෂාඍතුවට සුදුසු. (පි. 461)

වසහ

පු. වෘෂභයා, ගොනා. (පි. 462)

වස්ස

න. වර්‍ෂාව, වැස්ස.
පු. න. අවුරුද්ද, පුරුෂයා.
√ චු. බලව බන්ධනෙ, ශක්ති බන්ධනයෙහි, වස්සෙති, වස්සයති, තදින් බඳියි.
√ භු. තෙමනෙ, තෙමීමෙහි, වස්සති, තෙමෙයි, වහී.
පු. තිරළුවා, වස්සාන සෘතුව. (පි. 461)