සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 792
වස්සකම්ම
න. පණ්ඩක පුරුෂකිරීම, පිරිමින්ගේ බීජොද්ධරණය කිරීම. (පි. 461)
වස්සග්ග
පු. නිශ්චය. (පි. 461)
වස්සති
ක්රි. (√ භු. වස, පග්ඝරණෙ, වැසීමෙහි +ති) වසී, වර්ෂාකරයි. (පි. 461)
වස්සවර
පු. නපුංසකයා. (පි. 461)
වස්සවලාහක
පු. මෙඝය, වලාකුළ, මෙඝයට අධිපති දෙවියා. (පි. 461)
වස්සවුට්ඨි
ඉ. වර්ෂාජාලය, වර්ෂාව. (පි. 461)
වස්සසත
න. අවුරුදු සියය, සියක් අවුරුද්ද. (පි. 461)
වස්සසතික
ති. වර්ෂ සියක් ඇති. (පි. 461)
වස්සාන
න. වර්ෂා සෘතුව, වර්ෂාකාලය, වැසි කාලය. (පි. 461)
වස්සාපනක
පු. වර්ෂා කරවන්නා, වස්ස වළාහකයා. (පි. 461)
වස්සාභු
පු. මැඩියා, වර්ෂාභූ. (පි. 461)
වස්සාවාස
පු. වස්විසීම, වර්ෂාකාලයෙහි වාසය. (පි. 461)
වස්සාවාසික
පු. වස් විසූවන්ට අයිති. (පි. 461)
වස්සිකී
ඉ. දෑසමන්, සමන් පිච්ච. (පි. 461)
වස්සී
ඉ. වැස්ස, පදෙසවස්සී, පැත්තකට වැසි වැසීම. (පි. 461)
වස්සීත
න. තිරිසනුන්ගේ හඬ, තිරිසන් නාදය. (පි. 461)
වස්සූපගමන
න. වස් විසීමට පැමිණීම. (පි. 462)
වස්සූපනායික
න. වස් එළඹීම, වස් විසීම. (පි. 462)
වස්සොකසාරා
ඉ. ශක්රපුරය, තව්තිසා භවනය. (පි. 462)
වසා
ඉ. වස්සා, පැටියා, නාඹුවස්සා, මස් තෙල, කෙලෙස්. (පි. 462)
වසි
ඉ. වසඟවූ ස්ත්රිය, වඳ දෙන. (පි. 462)
වසික
පු. වසඟයට පැමිණියා, යටත් වූ තැනැත්තා. (පි. 462)
වසිත
ති. වාසය කළ, විසූ, (පි. 462)
වසිතා
ඉ. සෘද්ධි විධියෙහි වසී භාවය. (පි. 462)