සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 793

වසිප්පත්ත

ති. වසඟයට පැමිණි. (පි. 462)

වසී

පු. යතීහු, වසඟවූ, දමනය නොවූ, ලොකු වස්සා. (පි. 462)

වසීභූත

ති. වසඟවන ලද, වසඟ වූ, කීකරු වූ. (පි. 462)

වසු

පු. දෙවතා විශේෂයක්, රත්න, වස්තු. (පි. 462)

වසුදෙව

පු. වෙණුපිය, විෂ්ණු. (පි. 462)

වසුධා

ඉ. භූමිය, පොළොව. (පි. 462)

වසුන්ධර

පු. එනම් පර්‍වතය. (පි. 462)

වසුන්ධරා

ඉ. භූමිය. (පි. 462)

වසුමතී

ඉ. භුමිය, වසුන්ධරා. (පි. 462)

වහ

√ භු. පාපුණනෙ, පැමිණවීමෙහි, වහති, පැමිණෙයි.
√ භු. ඡාදනෙ, වැසීමෙහි, වහති, වසයි.
පු. ගෙරීන්ගේ කඳ, ගවයාගේ පිට හා ග්‍රීවය. (පි. 462)

වහති

ක්‍රි. (√ භු. වහ, පාපුණනෙ, පැමිණවීමෙහි +ති) උසුලයි, වසයි. (පි. 462)

වහන

න. ගලා බැසීම, කාන්දුවීම, ඉසිලීම. (පි. 462)

වළ

√ භු. විභාගෙ, විභාගයෙහි, වළති, විභාග කරයි. (පි. 462)

වළබා මුඛ

වඩබා මුඛය. (පි. 462)

වළහා

ඉ. අශ්වධෙනුව, වෙළඹ. (පි. 462)

වළහි

පු. අශ්වයා. (පි. 462)

වළහිච්ඡාදී

පු. මතුමාලෙහි උඩ අතුරණ වක්‍ර‍ දාරු ආදිය. (පි. 462)

වළීන

න. ආකූලත්වය, අවුල් බව. (පි. 462)