සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 802

වාලකම්බල

පු. න. රෝමවලින් තනන කම්බිලි රෙදි. (පි. 464)

වාලණ්ඩුක

න. රෝමාදියෙන් කළ බුරුසුව, කොස්ස. (පි. 464)

වාලණ්ඩුපක

න. හිස්වැස්ම. (පි. 464)

වාලධි

පු. නගුට, වලිගය. (පි. 464)

වාලරජ්ජ

න. රෝමයෙන් කළ රැහැණ, කෙශමය යොත. (පි. 464)

වාලවීජනී

ඉ. වල්විඳුනා, චාමරය, සෙමර වල්ගය. (පි. 464)

වාලවෙධි

පු. අඳුරෙහි අස්ලොමයට විදීමට සමර්‍ථයා. (පි. 464)

වාලහත්ථ

පු. වාලධිය. (පි. 465)

වාලි

ඉ. වැළි, වාලුකා. (පි. 465)

වාලිකා

ඉ. වැළි. (පි. 465)

වාලුකා

ඉ. වැළි. (පි. 465)

වාලුකා කාන්තාර

න. සියුම් වැල්ලෙන් ගහණ දිය රහිත ප්‍රදේශය, කාන්තාර බලනු. (පි. 465)

වාස

පු. වස්ත්‍ර‍ය, ගන්ධය, ගෘහය. (පි. 465)

වාසක

පු. වසන්නා, නිවසන්නා. (පි. 465)

වාසචුණ්ණ

න. වත්සුණු, සුවඳ සුණු. (පි. 465)

වාසති

ක්‍රි. (√ දි. වස, සද්දෙ, ශබ්දයෙහි +ති) ශබ්ද කරයි, නාද කරයි, කෑගසයි. (පි. 465)

වාසධූර

න. ජීවිතයේ වගකීම. (පි. 465)

වාසන්තී

ඉ. යොහොඹු. (පි. 465)

වාසනා

ඉ. සුවඳ කැවීම, පෙර කළ කර්‍මයාගේ විපාකාවශේෂ තෙජස් ගතිය. (පි. 465)

වාසයොග

පු. වත්සුණු, මුඛ චූර්‍ණය. (පි. 465)

වාසර

පු. දිනය, දවස. (පි. 465)

වාසව

පු. ශක්‍ර‍යා. (පි. 465)

වාසාගාර

න. ලඟිනා ගෙය, වාසය කරන ගෙය. (පි. 465)

වාසිජට

පු. වෑයේකර. (පි. 465)