සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 814

විද්දසු

පු. ප්‍රාඥයා, පණ්ඩිතයා. (පි. 470)

විද්දුම

පු. පබුළු, පබළු, පුවාළ. (පි. 470)

විද්දෙසී

පු. නොරටවැසියා, අමිත්‍ර‍යා. (පි. 470)

විද්ධ

ති. විඳිනලද, වෙධනය කළ. (පි. 470)

විද්ධං

පු. විනාශය, නැසීම. (පි. 470)

විද්ධංසක

ති. විසුරුවනලද, නසන ලද. (පි. 470)

විද්ධංසති

ක්‍රි. (√ චු. ධංස, විද්ධංසනෙ, නැසීමෙහි +ති) විධ්වංසනය කරයි. (පි. 470)

විද්ධංසන

න. විධ්වංසනය, නැසීම, විනාශය. (පි. 470)

විද්ධංසිත

ති. විධ්වංසනයකළ, විසුරුවන ලද, නැසූ. (පි. 470)

විද්ධංසෙති

ක්‍රි. (√ චු. ධංස, විද්ධංසනෙ, නැසීමෙහි +ණෙ+ති) විධ්වංසනය කරයි. (පි. 470)

විද්වා

පු. පණ්ඩිතයා, ප්‍රාඥයා. (පි. 470)

විදාරණ

න. පැළීම, විදාරණය කිරීම.
පු. පැළීම, දෙපළු කිරීම. (පි. 470)

විදාරිගන්ධ

පු. අස්වැන්න. (පි. 470)

විදාරිත

ති. දෙපළුකළ, දෙකට පළනලද. (පි. 470)

විදාරෙති

ක්‍රි. (√ භු. විදි, විදාරණෙ, දෙපළු කිරීමෙහි +ණෙ+ති) පළයි, දෙපළු කරයි. (පි. 470)

විදාලන

න. විදාරණය, දෙපළු කිරීම. (පි. 470)

විදාලිත

ති. පළනලද. (පි. 470)

විදාලෙති

ක්‍රි. (√ භු. විඳි, විදාරණ, ණෙ+ති) පළයි. (පි. 470)

විදි

√ භු. අවයවෙ, අවයවයෙහි, වින්දති, අවයව ඇති කරයි. (පි. 471)

විදිත

ති. දන්නා ලද අවබෝධ කළ. පතළ දෙය. (පි. 471)

විදිතත්ත

ති. දැනගත්, පළපුරුදු. (පි. 471)

විදිසා

ඉ. අනුදිසාව. (පි. 471)

විදුග්ග

පු. දුර්‍ගම, දුෂ්කර මාර්‍ගය, නදීවිදුර්‍ගාදිය. (පි. 471)

විදුර

පු. පණ්ඩිතයා, ප්‍රාඥයා. (පි. 471)