සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 813

විත්ථම්භති

ක්‍රි. (√ ථභි, ථම්භනෙ, ශක්තිමත් කිරීමෙහි +ති) ශක්තිමත් කරයි. (පි. 469)

විත්ථම්භිත

ති. ශක්තිමත් කළ, ස්ථිරකළ, (පි. 469)

විත්ථායති

ක්‍රි. (√ භු. ථා, ගති නිවත්තිම්හි=ගතිපැවතුම්හි +ති) ඇනසිටියි. (පි. 469)

විත්ථාර

පු. ප්‍ර‍පඤ්චය, විස්තාරය, විස්තරය. (පි. 469)

විත්ථාරික

පු. විස්තරකරන්නා, පතළකරන්නා. (පි. 469)

විත්ථාරිත

ති. විස්තර කළ, (පි. 469)

විත්ථාරෙති

ක්‍රි. විස්තර කරයි. (පි. 469)

විත්ථිණ්ණ

ති. මහත, මහත්දෙය. (පි. 470)

විතාන

න. වියත, විස්තීර්‍ණත්වය. (පි. 470)

විතික්කම

පු. ව්‍යතික්‍ර‍මය, ඉක්මවීම, සිඳීම. (පි. 481)

විතිණ්ණ

ති. තරණයකළ, එතෙර කළ. (පි. 470)

විතුදති

ක්‍රි. (√ භු. තුද, ව්‍යථනෙ, විදීමෙහි +ති) වෙධනය කරයි. විදියි. (පි. 470)

විතුදන

න. විදීම, වෙධනය. (පි. 470)

විතුන්න

න. කිඹුල්වැන්න. (පි. 470)

විථු

√ භු. යාචනෙ, ඉල්වීමෙහි, වෙථති, ඉල්වයි. (පි. 470)

විද

√ භු. ඤාණෙ, ඤාණයෙහි, විදති, දණී, වෙදො, විදූ,
√ චු. චින්තනෙ, සිතීමෙහි, වෙදෙති, වෙදයති, සිතයි.
√ දි. භාවෙ, වීමෙහි, විජ්ජති, වෙයි, ඇතිවෙයි.
√ රු. තොසෙ, සතුටෙහි, වින්දති, සතුටුවෙයි.
√ රු. ලාභෙ, ලැබීමෙහි, වින්දති, ලබයි.
√ භු. ලාභෙ, ලැබීමෙහි, වින්දති, ලබයි.
√ චු. ලාභෙ, භොජනෙච, ලැබීමෙහි, අනුභවයෙහි, වෙදෙති, වෙදති, ලබයි, වළඳයි. (පි. 470)

විදංසක

පු. විදහීම, විවෘත කිරීම, විවෘත කරන්නා. (පි. 470)

විදංසන

න. විදහීම, විවෘත කිරීම. (පි. 470)

විදංසිත

ති. විදහන ලද. (පි. 470)

විදංසෙති

ක්‍රි. (√ භු. දංස, දංසනෙසු, විදහීමෙහි +ණෙ+ති) විදහයි, විවෘතකරයි. (පි. 470)

විදත්ථි

ඉ. වියත, අඟල් සතක දිග. (පි. 470)

විදති

ක්‍රි. (√ භු. විදි, ලාභෙ, ලැබීමෙහි +ති) විදියි. (පි. 470)

විදහති

ක්‍රි. (√ භු. දහ, ධාරණෙ, දැරිමෙහි +ති) විදහයි. (පි. 470)

විදහන

න. විදහීම, විවෘතකිරීම. (පි. 470)